ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට නවීකරණය කරන ලද ඉන්දියාවේ මොටෙරා ක්‍රීඩංගණයේ ඉන්දියාවේ සහ එංගලන්තයේ ක්‍රීඩකයන් තරග වැදීමට නියමිත අතර, ඔවුහු එය ඉහළින්ම අගය කර ඇත. එහි ප්‍රේක්ෂකයන් 110,000 කට අසුන් ගත හැකිය. කෝවිඩ්ගේ සීමාවන් හේතුවෙන් ටෙස්ට් තරග දෙක සඳහා ක්‍රීඩාංගණයේ දී තරග නැරඹීමට අවසර ලැබෙන්නේ 55,000ක් පමණි.
Read MoreCategory: ක්‍රීඩා
සනත් යළිත් ක්‍රිකට් පුහුණුවීම් අරඹයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මාර්ග ආරක්ෂණ ලෝක විස්සයි-20 තරගාවලිය සඳහා සහභාගි වීමට පුහුණුවීම්වල නිරත වන බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන්නේ සනත් ජයසූරිය සහ තිලකරන්ත දිල්ෂාන් වන අතර රසල් ආනල්ඩ්, මලින්ද වර්ණපුර, චාමර සිල්වා, ධම්මික ප්‍රසාද්, නුවන් කුලසේකර, චින්තක ජයසිංහ සහ අජන්ත මෙන්ඩිස් ඇතුළු හිටපු ක්‍රීඩකයන් රැසක් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියෝජනය කිරීමට නියමිතයි.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක්
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් යනු අමුතුම ආකාරයේ ගේම් එකක් බවට පත්ව තිබේ. ඒ නිසාම ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටි නොහිටි හැමෝටම ඒ ගැන බලවත් ආශාවක් කැක්කුමක් තිබෙනවා. ඒ නිසාම පසුගිය දවස්වල ක්‍රිකට්වල ‘හිටි’ කෙනෙක් ක්‍රීඩා සංගම්වලට පොඩි ‘සාදයක්’ සූදානම් කළා. මේ හිටි කෙනාට ක්‍රිකට් පාලක මණ්ඩලය පැත්ත පළාතේ එන්න තහනම් කර තිබියදීත් එයාගේ ට්‍රයි එක තමන්ගේ ගෝලයෝ දාල වැඬේ දුවවන්න. එයා සාදය සූදානම් කරන්න හේතුවත් ඒකයි. මෙයා මේ සාදයට සංගම්වල අය ගෙන්නලා තිබුණේ ආණ්ඩුවේ ඉහළම ලොක්කෝ කිහිපදෙනෙක් එන බව කියලයි. හැබැයි කරුමෙට වගේ ඒ පාටියට කිසිම ලොක්කෙක් ආවේ නෑ. ඒ විතරක් නෙවෙයි…
Read Moreක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතියේ
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව එළඹෙන සතිය ඇතුළත නම් කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අම්බලන්ගොඩ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. දකුණු අප්‍රිකා සහ එංගලන්ත ටෙස්ට් තරගාවලි දෙක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමෙන් පසු එල්ල වූ චෝදනා මත එවක තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා ඉකුත් ජනවාරි 25 වැනිදා එම ධූරයෙන් ඉල්ලා අස්විය. එහෙත් මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පත්කර නොමැත.
Read Moreආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට
අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගිවීම සඳහා පාසල් රග්බි සංගමය මඟින් කළ ඉල්ලීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රතිකේෂ්ප කර තිබේ. කොරෝනා වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්මාලාවට අනුව අධි අවදානම් ක්‍රීඩාවක් ලෙස රග්බි ක්‍රීඩාව නම් කර තිබෙන බැවින් ඊට අවසර දිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක්‍රීඩා අධ්යක්ෂ දයා බණ්ඩාර මහතා පාසල් රග්බි සංගමය වෙත ලිඛිතව දන්වා ඇත.
Read Moreක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැහැ
ක්‍රිකට් පරිපාලනයට මැදිහත්වීමට දේශපාලන අධිකාරියට අයිතියක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා. ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ පැනයකට පිළිතුරු දෙමින්. තමන් ක්‍රීඩා අමාත්‍යවරයා වී මස 5ක් පමණක් බවත් ක්‍රිකට් වැටීමට පටන් අරන් අවුරුදු 5ක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසු අතර සියලුම ක්‍රීඩා සඳහා අදට ගැලපෙන නව ක්‍රීඩා පනතක් ගෙන ඒමේ අවශ්‍යතාව මෙහිදී අමාත්‍යවරයා පැහැදිලි කළේය.
Read Moreමුන් සල්ලිවලට ක්‍රිකට් කනවා
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන්නේ ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සඳහන් කරයි. ක්‍රිකට් අද ක්‍රීඩාවක් නොව ව්‍යාපාරයක් සහ මාෆියාවක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි. ක්‍රිකට් ක්‍රීඩාව අද කල්ලි කණ්ඩායම් කීපයක් අතට පත්වී ඇති බවත් පවසන ඔහු ක්‍රිකට් පාලනය කර ගත නොහැක්කේ ඒ සඳහා ක්‍රමවේදයක් නැතිකම නිසා සඳහන් කරයි.
Read Moreනව පත් කිරීම ගැන හිටපු ක්‍රිකට් සභාපති සතුටින්
අරවින්ද සිල්වාගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩාවෙන් සාර්ථක මහත්වරුන් ක්‍රිකට් තාක්ෂණික කමිටුවට තෝරා පත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල සුබපැතුම් එක්කර තිබෙනවා. ඒ ට්විටර් සටහනක් තබමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට තාක්ෂණික උපදේශක කමිටුවක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කරනු ලැබුවා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රීඩකයෙකු වන අරවින්ද ද සිල්වා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් වන්නේ රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාරයි. එම කමිටුවේ මූලික කාර්යභාරය වනුයේ ක්‍රීඩා අමාත්‍යවරයාට, අමාත්‍යාංශ නිලධාරීන්ට සහ ජාතික ක්‍රීඩා සභාවට ශ්‍රී ලංකා…
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය නවතී
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය අත්හිටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. ඒ අනුව කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් දමා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොවිඩ් ආසාදනය වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටී.
Read Moreබෝර්න් අගේන් චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනාධිකාරිය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන වර්තමාන පරිපාලනය ‘බෝන් එගේන්’ නම් ආගමික න්‍යාය පත්‍රයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවට ඇතැම් පාර්ශ්ව විසින් එල්ල කරනු ලබන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බව සඳහන් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනා සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර සිටියි. ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ඇතැම් ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට, තේරීම් කමිටු නිලධාරීන්ට මෙන්ම ක්‍රිකට් ආයතනයේ යම් යම් අංශවල සේවයේ නියුතු නිලධාරීන්ව ඉලක්ක කර ගනිමින් මෙම චෝදනා එල්ල වන නමුත්, එය ස්ථීර ලෙසම ප්‍රතික්ෂේප කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වන අප, එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එය කිසියම්…
Read More