කොරෝනාවට අමතර තවත් ආපදාවක් අත ළඟ

ලොවටම තර්ජනයක් වී ඇති කොවිඩ් වසංගතය පිළිබඳ අප කාගේත් අවධානය යොමුවී තිබීම පුදුමයක් නොවේ. ඒ එමගින් මිනිස් ජීවිත කෙරෙහි එල්ල වන කුරිරු අවදානම නිසා ය. එහෙත්, මිනිස් ජීවිත වලට පමණක් නොව අප සතු දේපලවලට සේම සතා, සීපාවාටත් ගහකොළ වලටත් බිහිසුණු විපත් අත් කරවන යුගයක් මේ වන විට අප ඉදිරියට පැමිණ තිබේ. එය ද කොරෝනාව තරමටම අපගේ අවධානය යොමු විය යුත්තකි. දැනට අප දිවයින අවට වර්ධනය වන කාලගුණ සාධක වලට අනුව මේ මස සතර වන සතිය තුළ නිරිත දිග මෝසම් සමයේ කාලගුණ තත්වයන් වර්ධනය වන බවට කාලගුණ විද්‍යා අංශ වලින් පැවසේ.…

Read More

කබලෙන් ලිපට වැටෙන ‘නිදහස් වෙළද කලාප’ සේවක සේවිකාවන්

වර්තමානයේ දී වෛරසය ආසාදිතයැයි හඳුනා ගන්නා සේවකයින් තමන්ගේ නේවාසිකාගාර තුළ අනිවාර්ය නිරෝධායනයට යටත්විය යුතුය. විවිධ කර්මාන්තශාලාවල රැකියාවේ නියුතු කම්කරුවන් මෑන්පවර් සහ දෛනික වැටුප් ලබන සේවකයින් සමඟ හවුල් නේවාසිකාගාරයක ජීවත්වන නිසා, දෛනික වැටුප් ලබන සේවකයින්ට රැකියාවක් සොයාගැනීමේ අපහසුතාවය තිබේ. එසේම, මේ අවස්ථාවේ දී ආණ්ඩුව විසින් මෙවැනි සේවකයින් සඳහා සුබසාධනය සළසාදීමක් ක්‍රියාවට නංවා නොමැති නිසා, ඔවුන් විශේෂයෙන්ම අනතුරට නිරාවරණය වී සිටියි. එසේම, සේවකයින්ට නිරෝධායනය වීමට සිදු වී ඇති දරුවන් සහ ගර්භනී මව්වරුන්ද සිටින ඇතැම් නේවාසිකාගාරවල දී මෙම සේවකයින් පිළිබඳව කිසිදු බලධාරියෙකු වගකියනු නොලබන බැවින් ඔවුන්ට බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබේ.…

Read More

රට උගසට තබා හෝ මිනිසුන් බේරගමු !

corona-vaccine

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊයේ ජාතිය අමතා තම පුරවැසියන්ට කියා සිටියේ ඒන්නත් කරනය සම්පුර්ණ කළ ඇමරිකානුවන්ට කැමති නම් තම මුව ආවාරණය සම්පුර්ණයෙන් ඉවත්කර කටයුතු කළ හැකි බවයි. මෙම ප්‍රකාශයත් සමග බොහෝ ඇමරිකානුවන් වික්ෂිප්ත වූ බව අණාවරය වූ අතර, සමහර මාධ්‍ය ප්‍රකාශ කලේ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය අධිතක්සේරු කිරීමක් බවත්ය. ඇමරිකානුවන් ඒ තරමටම මේ රෝගයෙන් බියපත් වි පීඩා විදිමින් සිටින නිසා මෙම ප්‍රකාශය තවමත් ඔවුන්ට අදහා ගැනීමට නොහැකිව තිබේ. හිටපු ජනපති ඩොල්ඩ් ට්‍රම්ප් පාලනය කාලය තුළ මෙම වෛරසය සම්බන්ධව සිදු කළ අදුරදර්ශී ක්‍රියා මාර්ග හේතුවෙන් ජෝ බයිඩන් ජනාධිපතිධුරයේ දිවුරුම් දෙන විටත් ඇමරිකාව…

Read More

ජ්‍යොතිෂ්‍ය අපල ගැන විශ්වාසය උඩු යටිකුරු කළ අහුන්ගල්ලේ දුම්රිය-බස්රිය අනතුර

වර්තමාන කොවිඩ් වසංගතය මුල් කොට ජ්‍යොතිෂ්‍යය මඟින් අනාවැකි කීම වැනි ගුප්ත ශාස්ත්‍ර වේගවත් පසුබෑමකට ලක් ව ඇති බව පෙනෙයි.අනාගතය යනු නිශ්චිත සැලසුමකට අනුව උදාවන්නක් නම් හෝ ජ්‍යොතිෂ්‍යය ඇතුළු ගුප්ත ශාස්ත්‍ර මඟින් අපගේ හෙට දවස කල් ඇතිව කිව හැකිනම් මේ දිනවල කාර්ය බහුලම පිරිස විය යුත්තේ ජ්‍යොතීර්වේදීන්ය.එහෙත්, පොදුවේ ගත් කල අද වන විට ඔවුන් සියළු දෙනා සැඟව සිටින බවක් පෙනෙයි. යුදමය,වසංගත,ස්වාභාවික ආපදා හෝ වැඩි පිරිසක් මිය යන හදිසි අනතුරු වල දී මාරක අපල සහ රාජයෝග ඇත්තවුන් එක රොත්තට මිය පරලොව යාම සාමාන්‍ය තත්වයකි. ඒ සම්බන්ධයෙන් මීට වසර තිස් දෙකකට පෙර මා…

Read More

ශ්‍රී ලංකාව විසාලා මහනුවරක් වන පෙරනිමිත්තක්

corona-death

ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු හරහා වෙළඳ සංගමයක් විසින් ලබාගත් කෝවිඩ්-19 එන්නත් තොගයක් හොර පාරෙන් ලබාදෙන තොරතුරක් ලැබිණි. මට ද එය ඉල්ලා සිටීමට හැකියාව තිබුණමුත් මම එය ප්‍රතික්ෂේප කළෙමි. එන්නත් පළමු මාත්‍රාව ලබාදෙන විට එක් රෝහලක නිලධාරීන් තම ඥාති මිත්‍රාදීන් ගෙන්වාගෙන ඉතා අවිධිමත් ආකාරයට එන්නත ලබාදුන්හ. එම වටයේදී රෝහලේ බාහිර සේවා සනීපාරක්ෂක කම්කරුවන්ට ද එන්නත ලබාදීමට ඔවුහු නිර්ලෝභී වූහ. දෙවෙනි මාත්‍රාව පැමිණියේ අඩුවෙනි. කලින් පරිදිම ඥාති මිත්‍රාදීන්ට දෙවෙනි මාත්‍රාව ලබාදුන් මේ සෞඛ්‍ය නිලධාරීහු සනීපාරක්ෂක කම්කරුවන්ට එන්නත ලබාදුනේ නැත. කෝවිඩ්-19 එන්නත ලබාදීම සඳහා ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එසේම, එය ලබාදිය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහාය. දැන් සිදුවන්නේ එය…

Read More

නාකින්ට මැරෙන්න අරින ලංකාවේ එන්නත් ප්‍රතිපත්තිය

naki

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ 23ක් වාර්තා විය. ඒ අතරින් 18ක්ම වයස අවුරුදු 60ට වැඩි අයයි. දිගින් දිගටම සිදුවන කොවිඩ් මරණ විශ්ලේෂණය කර බැලූ විට පැහැදිලිව දැකිය හැකි කාරණය වන්නේ මියයන්නේ මහලු පුද්ගලයන් බවයි. අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව අනුමත කරන ලද “COVID-19 ජාතික එන්නත්කරණ සැලැස්ම – 2021″ අනුව ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතව තිබුණේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවල සහ පොලිසියේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයස අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යවශ්‍ය සේවා/ආයතනවල ඉහළ අවදානම් කණ්ඩායම් බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ උපුටා දක්වමින් Media.lk වෙබ්…

Read More

ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?

gamini-lolkuge

ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම සම්බන්ධව දරුණු විවේචනයක් එල්ල කරමින් සිටී. ආණ්ඩුවට පක්ෂපාතීත්වයක් දක්වන මැද පන්තික ජනයාගේ විවේචනය ගාමිණී ලොකුගේ මැතිතුමාට එල්ල වෙමින් තිබේ. ඔවුන් ඉතා ඕනෑකමින් ප්‍රදේශයන් හුදකලා කිරීමේ වගකීම දරණ ජනාධිපතිවරයා, ජනපතිගේ විශ්වසනීය සගයා වූ හමුදාපතිවරයා නායකත්වය දරණ කොවිඩ් මර්ධන බලකාය, පොලිස් ඇමතිවරයා මගහරිමින් මහපොළොවේ දේශපාලනය කරන ගාමිණී ලොකුගේ ඇමතිවරයාට එරෙහිව සිය අවි අමෝරාගෙන සිටියි. ගාමිණි ලොකුගේ යනු…

Read More

කොළඹ ස්ත්‍රී වාදීන් නොදැකපු ණය ගත් අම්මලා ගේ කතාව!

Microfinance victims in Hingurakgoda temporarily abandon protest

බුකියේ හැමෝම හෝ ගලා ආම්ම්ලාගේ ආදරේ ගැන ලියනවා. මාස දෙකක් පුරා අපිට ක්ෂුද්‍ර මුල්‍ය ණය හේතුවෙන් විපතට පත් අම්මලා මුණගැහුනා. අපි මේ සත්‍යග්‍රහයට  හේතුවෙන් කර ගන්නෙම ජනවාරියේ මාතර අම්මා කෙනෙක් ලක්ශ 4 ක ණයක් නිසා තමන්ගේ අවුරුදු  4 ක ළමයා එල්ලාලා අම්මාත් එල්ලීලා මැරුණා. අපිත් එක්ක ඉන්න අම්මා කෙනෙක් අඬලා කියනවා. අනේ අයේනම් ණය අරගෙන අපේ අම්මලාට මැරෙන්න දෙන්න බෑ කියලා. මේ වෙනකොට මේ ණය නිසා අම්මලා 200 කට අධික පිරිසක් දිවි නසාගෙන. කොහොම  උනත් අම්මලාට ගේව ගන්න බැරි අධික පොලී පිට පොලී එකතු වෙන ණය ගන්න වෙලා තියෙන්නේම ලමයි…

Read More

පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’

namal-wejesighe

වර්තමානය හා සසඳන විට මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහරදීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. විශේෂයෙන් එතරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ කරුණු මුල් කර ගනිමින් මෙලෙස අමානුෂික පොලිස් පහරකෑම් වලට ලක් වූහ. වර්තමානයට සාපේක්‍ෂව මූලික මිනිස් අයිතිවාසිකම්, මානව හිමිකම් ආදිය පිළිබඳ විවෘත සමාජ කතිකාවක් ඇති වී නොතිබීම, එසේ පහර කෑම් වලට ලක්වන්නවුන් ගේ ආර්ථික හා සමාජමය අසරණ බව, එකල පොලීසියේ ඇතැම් පිරිස් අධිකරණ බලය ද ඉක්මවමින් තම රාජකාරී බලය අවභාවිතා කිරීම ඒ සඳහා හේතු වන්නට ඇත. කෙසේ වුවද මෙලෙස පොලිස් පහරකෑම් වලට බඳුන්ව කායික තැළුම් පෙලුම් වලට…

Read More

සැඟවුණු අමුත්තා එළියට

sagauna

ගෝලීය කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳව සලකද්දී අසල්වැසි ඉන්දියාව මේ වන විට රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය බින්දුවටම තල්ලු වී සිටින බව එරට සෞඛ්‍ය අංශ පවසයි. දැන් ගෙවෙමින් තිබෙන සෑම දිනකම කොවිඩ් ආසාදිතයන් 400,000 ක අධික ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වෙමින් තිබේ. එවන් ගැඹුරු ආපදා තත්ත්වයක් කරා තල්ලු වී සිටින ඉන්දියාව, එම තත්ත්වයට පත්වීමේ පදනම ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳවද පූර්වකථනයක් ලබා දෙයි. ලංකාවේද අලුත් අවුරුදු සමය අවසන් වන විට, රටේ පොදු ජනතාව අතර කොවිඩ් ව්‍යාප්තියේ අසුබවාදී ශීඝ්‍ර වෙනසක් සිදු වන බවටත්, එය රටේ සෞඛ්‍ය අංශවලට අසීරු එකක් වනු ඇති බවටත් අනුමාන කිරීම් බොහෝය.…

Read More