සෑම කොරෝනා මරණයකටම ජනාධිපති වගකිව යුතුයි

anura-kumara

කොරෝනා ආසාදිත වී සිදුවන සෑම මරණයකටම හා සෑම කදුළකටම ජනාධිපති වගකිව කිවයුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. පවතින කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත අනිවාර්යෙන්ම දැඩි සංචරණ සීමා පැනවිය යුතු බව ඔහු පෙන්වා දෙයි. දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය කාර්යය සාධක බලකාය ප්‍රතිසංස්කරණය කළ යුතු බවද පවසන මන්ත්‍රීවරයා මේ පිළිබඳව මීට පෙර කටයුතු කළ අනිල් ජාසිංහ, පබා පලිහවඩන, ජයරුවන් බණ්ඩාර වැනි අය එක් කර ගත යුතු බවත් පැවසීය. අද වන විට මෙරට කොරෝනා මර්දනය තනි දේශපාලන අධිකාරියකට හසුවී ඇති බවටද ඔහු චෝදනා කරයි. එනිසා වසංගතය පාලනයට විපක්ෂයේ…

Read More

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ranil

කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම පිළිබඳව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ  විශේෂ ප්‍රකාශය ප්‍රකාශයක් සිදු කළා. කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිගයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩි වෙනවා. දැන් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. අපේ වෛද්‍ය උපදෙස්, සෞඛ්‍ය උපදෙස් අනුව දැන් තීරණ ගන්නේ නැති නම් අපි අමාරුවේ වැටෙනවා. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and…

Read More

මැතිවරණ ක්‍රමය සංශෝධන‍යට තේරීම් කාරක සභාවක්

parliament-of-sri-lanka

මැතිවරණ සහ ඡන්ද විමසීම , ව්‍යුහය සහ නීතිරීති හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධ සංශෝධන ඉදිරිපත් කිරීමටත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පත් කෙරිණි. එම සභාවට නිමල් සිරිපාල ද සිල්වා, ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නි ආරච්චි, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, එම්.යූ.එම්. අලි සබ්රි, ජීවන් තොන්ඩමාන්, අනුර කුමාර දිසානායක, කබීර් හෂීම්, රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, එම්.ඒ. සුමන්දිරන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරුද ඒ සඳහා පත් කෙරිණ.

Read More

සජිත් බබා

baba

කොරෝනා සමයේ රටවල් වසා දැමීම නිසා සියළුම රටවල ආර්ථිකය කඩා වැටුණා.අද බලවත් ආර්ථිකයක් තියන බ්‍රසීලය කියන රටේ මිනිස්සු දිනකට එක් වේලායි කන්නේ.දරුණු වසංගත තත්වයක් පැමිණිය හොත් ජනාධිපතිතුමන් ඉදිරියේදි රට වසාදැමීම සිදුකරයි.අවුරුදු පහක් රට කාපු පැත්තේ හිටපු ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දැන් මොනවත් නොදන්න බබා වගේ කථා කරනවා යැයි ඉඩම් කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිගින් දිගටම රජය අසාර්ථක බව පැවසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අනුරාධපුර කුරුන්දකුලමේ පිහිටි සිය නිවසේ පැවත්වු මාධ්‍ය හමුවකදි මේ බව අනාවරණය කළේය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඉඩම් අමාත්‍යවරයා. ලෝකයේ රටවල්…

Read More

කොටඋඩ සිටින කොටගල ජනයාට ජීවන් පිළිසරණක් වෙයි

කොටගල ක්‍රිෂ්ලට් ෆාම් වතුයායේ පසු ගිය දිනක හටගත් ගින්නෙන් විනාශයට පත්වු නිවාස 12ක් සදහා නව නිවාස ඉදිකිරිම සදහා මුල් ගල් තැබිම වතු නිවාස හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහිදි අදහස් දැක්වු ජිවන් තොණ්ඩමන් මහතා පවසන ලද්දේ එම ගින්නෙන් විනාශයට පත්වු නිවාස වෙනුවට නව නිවාස ඉදිකර දෙන බව තමන් එදා පැවසු බවත් එදා ලබා දුන්  පොරෝන්දු ඉටු කරමින් එම නව නිවාස සදහා මුල් ගල තැබිම මෙසේ  සිදු කරන බවත්ය. මෙම නිවාස කඩිනමින් ඉදිකර අදාල පවුල් සදහා ලබා දිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.…

Read More

60 බැහැ 63 ඕනෑ

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවය කරන විවිධ ශ්‍රේණි වලට අයත් වන 850 ක පමණ වන කාර්ය මණ්ඩලය අවුරුදු 60 විශ්‍රාම යෑමට නොහැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා යවා තිබේ. පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටකට අයත් විධායක ශ්‍රේණි, විධායක නොවන ශ්‍රේණි මෙන්ම සුළු සේවකයින් තමන්ට විශ්‍රාම යෑමට නියමිත වයස වසර දෙකකින් හෝ තුනකින් දීර්ඝ කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීමට පදනම ලෙස පාර්ලිමේන්තු සේවකයින් පෙන්වා දී තිබෙන්නේ තමන්ටද විශේෂඥ වෘත්තීන් වල නියැලෙන්නන්ට ලබාදී තිබෙන වසර 63 දී විශ්‍රාම යෑමේ වරප්‍රසාදය තමන්ටත් ලබා දෙන ලෙසය. කතානායකවරයා සමග පාර්ලිමේන්තුවේ සේවක සංගම්…

Read More

පාස්කු ප්‍රහාරය ගැන ජනතා සැකය අතිශයින් ම බරපතලයි

karujayasuriya

පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව හිටපු කතානායක කරු ජයසුරිය පවසයි. ‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය’ මේ බව සඳහන් කළේ කොළඹ ජානකී හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට අදාළ කරුණු විමර්ෂණය කිරීම සදහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාදක කරගනිමින් සමාජය තුළ මතුවී ඇති සැකය කිසිසේත්ම සතුටුවිය හැකි කාරණයක් නොවන බව කරු ජයසුරිය එහිදී සඳහන් කළේය. එහෙත්, කුමන තත්වයක් තුළ වුවද මේ රටේ ජාතීන් අතර…

Read More

රන්ජන්ගේ මන්ත්‍රීධුරය අජිත්ට

ranjan-ramanayake

රන්ජන්ගේ මන්ත්‍රීධුරය හිස්වූ බවට පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දුන් බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටියි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 04ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. සිය මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ඔහු විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවත් එය පසුගියදා අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මේ අතර රන්ජන් රාමනායකගෙන් හිස්වූ මන්ත්‍රීධුරය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊළඟට වැඩිම මනාප හිමිකර ගත් අජිත් මානප්පෙරුමට අවස්ථාව හිමිවනු ඇති.

Read More

පළාත් සභා මැතිවරණය නොපවැත්වීම බරපතල වරදක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව නොපවත්වා හිඳීම බරපතල වරදක් බවත්   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තව දුරටත් ආණ්ඩුකාරවරුන් හා රාජ්‍ය නිලධාරින් පමණක් යොදාගෙන පළාත් සභා පවත්වාගෙන යාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක  තිස්ස අත්තනායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ  ඓතිහාසික දිඹුලාගල සේනාසනයේ නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටත් වැඳ පුදා ගැනීමටත්   පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. “සමගි බලවේගය පළාත් සභා මැතිවරණය සඳහා අපි දැනටමත් සූදානම්.පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.ආණ්ඩුව විවිධ හේතූන් ඉදිරිපත් කරමින් එය මගහරිමින්…

Read More

මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීම පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරයි

parli

ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කිරීම ඔවුන්ගේ ‘පෞද්ගලිකත්වයට ආක්‍රමණය කිරීමක්’ වනු ඇතැයි පවසමින් පාර්ලිමේන්තුව විසින් එම සුදුසුකම් හෙළි කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. සන්ඩේ ටයිම්ස් විසින් ගොනු කරන ලද තොරතුරු දැන ගැනීමේ අයිතියට අයදුම්පතකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ තොරතුරු නිලධාරි ටිකිරි ජයතිලක මහතා කියා සිටියේ අධ්‍යාපනික සුදුසුකම් පෞද්ගලික තොරතුරු හා සම්බන්ධ වන බවත්, එය හෙළිදරව් කිරීම කිසිදු පොදු කටයුත්තක් හෝ උනන්දුවක් හෝ සම්බන්ධයක් නැති බවත්, විශාල මහජන උනන්දුව සාධාරණීකරණය නොකරන්නේ නම් එය පුද්ගලයාගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය ලෙස ආක්‍රමණය කිරීමක් ලෙස සැලකිය හැකි බවත්…

Read More