බඩඉරිඟු වගාව ආශ්‍රිතව සීඝ්රයෙන් පැතිර යන සේනා දළඹු ව්‍යාප්තිය පාලනය සඳහා හදුන්වා දුන් නව වෛරස් ප්‍රබේදය කඩිනමින් ගොවි ජනතාවට අතට පත් කරන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ නිළධාරීන්ට උපදෙස් ලබාදෙනු ලැබීය. සේනා දළඹුවා මර්ධන කිරීමට නව වෛරසයක් හදුන්වා දුන් බව පැවසූවත් මෙතෙක් තමන්ට එම වෛරසය ලබා දී නැති බවත් තවමත් තම හේන් පුරාම සේනා දලඹු සේනාවන් නිමාවක් නොමැතිව පැතිර යන බවත් අනුරාධපුර එප්පාවල නල්ලමුදාව ප්‍රදේශයේ ගොවීන් සිදුකරන පැමිණිලි සම්බන්ධයෙන් මහවැසි මැද සොයා බැලීමට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ගොවිබිම් වෙත ගියේය. . එහිදී ගොවීන්…
Read MoreCategory: ප්‍රධාන පුවත
ඇන්ටිජන් ලබන සතියේ සිට
කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ ලබන සතියේ සිට මෙරටට හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසුවේ. මේ වනවිට ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල රසායනාගාර පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි.
Read Moreතවත් කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු හඳුනා ගැනෙයි
කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2752 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඉන් පුද්ගලයින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි අය වේ. තවත් 7 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වේ. කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් සෙසු පුද්ගලයා කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 677 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
Read Moreනත්තල් ප්‍රධාන දේවමෙහෙය කටුවාපිටිය දෙව්මැදුරේදී
නත්තල් උදාවේ ප්‍රධාන දේවමෙහෙය (24) මධ්‍යම රාත්‍රීයේදී පාස්කු ප්‍රහාරයෙන් වැඩිම බලපෑමක් සිදු වූ මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. ලොවපුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයේ උදාවුණි. ප්‍රේමයේ සහ මානව දයාවේ අරුත ලොවට දේශනා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කිරීමේ දිනය අදයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍යාමරිය මව්තුමියට දාව ජෙරුසලමේ බෙත්ලෙහෙමේ ගව ලෙනකදී උපත ලැබූ බව ඉතිහාසයේ සඳහන් වනවා. දෙවියන් වහන්සේගේ සුභාරංචිය ද රැගෙන මෙලොවට ආ ජේසුස් වහන්සේගේ ආගමනය මානව ඉතිහාසය තුළ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබන්නක්. උන්වහන්සේ…
Read Moreපාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි
පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ බෝධීන් වහන්සේ අසල අංගනයේ කොටසක් මෙලෙස කැඩී ගොස් ඇති බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව තිබෙන්නේද මේ ආසන්න ප්රදේශයේය.
Read Moreනිකාබ්-බුර්කා සහ ෆුල්ෆෙස් හෙල්මට් තහනම ඉවතට
හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අදාළ ලිපිය යොමු කරමින් විනය හා කල්ක්‍රියා නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි.
Read More