ඉන්දියාව ගිය මග යන ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කෝවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා පැවැත් වූ හින්දු ආගමික උත්සව ඇතුලු බොහෝ උත්සව පැවැත්වීමට මෝදි රජය අවස්ථාව ලබා දී තිබුනි. ඒමෙන්ම, කෝවිඩ් ආරක්‍ෂිත නීති කිසිසේත් මායිම් නොකරමින් විශාල මැතිවරණ රැළි රට පුරා පැවැත්වීමට ද මෝදි රජය අවසර දී තිබුනි. ඒහි ප්‍රථිපලය වුයේ අප්‍රේල් මාසයට පෙර ඉන්දියාවේ ලක්ෂයකට අඩු අගයකින් වාර්තා වූ කෝවිඩ් රෝගීන් ප්‍රමාණය…

Read More

මානව හිමිකම් නැතිව දැන් බිස්නසුත් බෑ

busnis

පසුගිය මාර්තු 23 දින ජිනිවා මානව හිමිකම් කොමිසමේ 46 වන සැසියට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 11කින් ජයග්‍රහණය කිරීම වත්මන් රජය පත්වීමෙන් පසුව ජාත්‍යන්තර වශයෙන් ලැබූ සැලකිය යුතු පරාජයක් ලෙස නම් කළ හැක. මෙම යෝජනාවට පක්ෂව ජන්ද 22ක් ලැබුන අතර, රටවල් 11ක් විරුද්ධ විය. රටවල් 14 ක් ජන්දය දීමෙන් වැලකි සිටියේය. අපගේ අසල්වැසි මිතුරු රාජ්‍යයන් වන ඉන්දියාව හා ජපානය මෙවර ඡන්දය දීමෙන් වැලකී සිටීම විශේෂයෙන් අවධානයට ගත යුතුය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ මෙම යෝජනාවලියේ කරැණු 16ක් අඩංගුවන අතර, ඒය ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම්…

Read More

ඕල්ටන් වත්තේ කම්කරු අරගලය කොයිබටද?

හැටන් වතු සමාගමට අයත් ඕල්ටන් වත්තේ කම්කරුවන් අට දෙනෙකු, හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත, මාර්තු 3දා සිට මහනුවර රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ඇත. ඔවුන් අට දෙනා පෙබරවාරි 18 දා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඕල්ටන් වත්ත පිහිටා ඇත්තේ, මස්කෙලියේ අප්කොට් හි ය. වැඩි වැටුප් ඉල්ලමින් හා කලමනාකාරීත්වයේ මර්දන ක්‍රියාවන්ට විරෝධය පලකරමින්, වත්තේ කම්කරුවන් 500 දෙනා ම පෙබරවාරි 2දා පටන් වැඩ වර්ජනයේ නිරත ව සිටිය හ. කාන්තාවන් හත් දෙනෙකු ඇතුලු කම්කරුවන් අට දෙනා වන්නේ: එස්. පුවනේසරී, කනපති දේවි, ජී. ශතීස්වරී, ෆ්‍රැන්සිස් තිරේසාම්මල්, මාරිමුත්තු තමිල්සෙල්වි, යෝහශක්ති, එම්. කේ. ශාන්තිනී හා ආන්දිමුතු විස්වකේතු ය.…

Read More

නීතිඥ සංගමයේ නිලවරණය හා අභියෝග

saliya-pires

හෙට 24 දා ඒනම්, තව දිනයකින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතය. මෙම නිලවරණයේ සභාපති ධුරය සදහා ජනාධිපති නීතිඥයින් දෙදෙනෙකු තරග බිමට පිවිස තිබේ. ඒ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා හා ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතාය. මොවුන් දෙදෙනාම නීති විද්‍යාලයේ සමකාලීනයන් වන අතර, දෙදෙනාම නීති විද්‍යාලයේ සිටිය දී ඒහි සභපති ධුරයන්ට පත් වෙමින් කැපී පෙනෙන සේවාවක් ඉටුකර ඇති පුද්ගලයින් දෙදෙනෙකු බව දැනගන්නට ලැබුනි. මුලදී ඉතා සාමකාමීව හා ප්‍රථිපත්ති ගරුක මැතිවරණ ව්‍යාපාරයක් ලෙස පැවති මෙවර නිතිඥ සංගම් මැතිවරණ ව්‍යාපාරය පසුව ඒහි උණුසුම වැඩිවත්ම, මෙහි ප්‍රධාන අපේක්ෂකයින්ට විශේෂයෙන් සාලිය පීරිස් මහතාට…

Read More

ඇස්ට්‍රාසෙනෙකා වගේ ද අපේ බඩු

වසරකට ආසන්න කාලයක් තිස්සේ ඉතා සීග්‍රයෙන් මුලු ලොව පුරා පැතිරුණු කෝවිඩ් 19 වසංගත තත්ත්වය යම් දුරකට පාලනය වන බවක් පසුගිය සතියේ සංඛ්‍යා ලේඛන අනුව බලද්දී පෙනෙන්නට තිබේ. ඒ් රටවල් කිහිපයක් විසින් කෝවිඩ් මර්ධන එන්නත් කිහිපයක් නිපදවා තිබීමත් ඒවා මහජනතාවට ලබාදීමට කටයුතු කිරීමත් නිසාවෙනි. වර්තමානයේ මෙම වසංගතයෙන් දරුණුම ලෙස පීඩාවට පත්වූයේ අප දියුණු යැයි හදුන්වනු ලැබූ ඇමරිකාව ඇතුලු බටහිර රටවල්ය. මින් ඇමරිකා එක්සත් ජනපදයේ තත්ත්වය තවමත් බරපතලය. මෙම වෛරසය හේතුවෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට මිය ගොස් තිබේ. එමෙන්ම, දැනට මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති මිලියන…

Read More

ජිනීවා නැවතත් වේදිකාවේ

un

ජිනීවා ගැන නැවතත් කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ලබන පෙබරවාරි මාසයේ 22 දා ආරම්භවීමත්, ඒහි දී ලංකාව පිලිබදව විශේෂයෙන් සාකච්ඡා වීමට නියමිත වී තිබීමත් නිසාවෙනි. පසුගිය යහපාලන රජය විසින් සම අනුග්‍රාහකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධය සම්බන්ධව ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවලින් වතමන් රජය පසුගිය සැසිවාරයේ දී නිල වශයෙන් ඉවත් විය. විදේශ කටයුතු පිළිබදව ඇමති දිනේෂ් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ මෙම යෝජනාවන්ට සම අනුග්‍රාහක්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන්, පාර්ලිමේන්තුවෙන් හෝ…

Read More

විදෙස්ගත ශ්‍රමිකයින්ද මනුෂ්‍යයෝය

Migrant-workers-are-also-human

අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උලත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි. එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය. නමුත්, මේ තත්ත්වය අසුව දශකයේ අගභාගයේ  සිට වෙනස් විය. කෘෂි බෝග අපනයන අභිබවා සංචාරක කර්මාන්තය, ඇගලුම් හා විදෙස්ගත ශ්‍රමිකයින් විසින් උපයන මුදල් අපගේ රටේ ප්‍රධාන විදේශ විනියම ලැබෙන ආදායම් මාර්ග බවට පත් විය. මින් විදෙස්ගත ශ්‍රමිකයින් විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ගෘහ සේවයේ යෙදෙන අපගේ වනිතාවන් විසින් උපයන ආදායම ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමයෙන් හරි අඩකඩත් වැඩි විය. 2019 අග…

Read More

යුක්ක්‍රේන් රැලි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ඇරඹීම සදහා ‘සංචාරක බුබුල’ (Travel Bubble) සංකල්පය යටතේ රුසියානු සමූහ ආණ්ඩුවට අයත් රටක් වන යුක්ක්‍රේනයෙන් සංචාරකයින් ගෙන්වීම පසුගිය දෙසැම්බර් 28 වනදා සිට ආරම්භ කරනු ලැබීය. පළමු කණ්ඩායමට යුක්රේන සංචාරකයින් 186ක් පැමිණ තිබූ අතර, ඉන් පසුව පැමිණ පිරිසත් සමග එම ප්‍රමාණය 240ක් බව වාර්තා විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ සම්බන්ධව පවසා සිටියේ කෝවිඩ් මර්ධන කමිටුවේ නිර්දේශ හා  විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය හා ආරක්ෂ අංශ එක්ව මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වන බවත්ය. එමෙන්ම, මෙම ව්‍යාපෘතියේ දී සංචාරකයින් හා මෙරට වැසියන් අතර, සම්බන්ධතායක් ගොඩ නොනැගෙන…

Read More

සබ්රිගේ හඩටවත් ආණ්ඩුව කන් දෙයිද?

sabir

කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යානුකූල ප්‍රථිපත්තියක මෙතෙක් කටයුතු කිරීමට ආණ්ඩුවට අපොහොසත් වීම නිසා මේ වන විට රට තුළ කොරෝනා හා සමාන තවත් අර්බුදයක් නිර්මාණය වෙමින් තිබේ. ජනාධිපති ලේකම්  කාර්යාලයේ ඉදිරිපිටට රැස් වූ බෙංගමුවේ නාලක හිමි, මාගල්කන්දේ සුදත්ත හිමි, අක්මීමන දයාරත්න හිමි ඇතුලු ජාතික සංවිධාන එකමුතුවේ භික්ෂූන් වහන්සේලා විරෝධතාවයක යෙදෙමින් රජයට බල කර සිටියේ ජන වරමට පිටුපා අන්තවාදයට ඉඩ දී කටයුතු කරන්නේ නම් තමන් වහන්සේලා ඊට එරෙහිව පාරට බහින්න සූදානම් බවයි. ඔවුන් ඉල්ලා සිටියේ එක රටක්, එක නීතියක් යටතේ…

Read More

ඇමතිවරු නොසන්සුන්….

parliament-of-sri-lanka

ඉතිහාසය තුළ බිහි වූ ඉතා ශක්තිමත් රජයක් ලෙස සැලකෙන වර්තමාන රජයේ ඇමති මණ්ඩලය පසුගිය දින වල සිදු වූ ඇමති මණ්ඩල පත්කිරීම් හා වෙනස් වීම්, අමාත්‍ය මණ්ඩල විෂය පතයන් වෙන් කිරීම් හා ඒ ඒ අමාත්‍යංශයන් වෙත තිබු විවිධ ආයතන වෙනස් කිරීම් සිදු කිරීම සම්බන්ධව යම් නොසන්සුන් තාවයකට පත්ව තිබේ. මේ අතර පසුගිය දා ජනාධිපතිවරයා විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගම මෙම තත්ත්වය තවත් උත්සන්න වන තත්ත්වයක් නිර්මාණය විය. 20 වන ව්‍යවස්ථාව හරහා අගමැතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය හා පාර්ලිමේන්තුව වෙත පැවරී තිබෙන බලය සෑහෙන දුරකට පාලනය වන නිසා ඊට…

Read More