සුසන්ත රත්නායක ආයෝජන මණ්ඩලයට සමුදෙයි

ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා ඊයේ (30) දින සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරින් ඉල්ලා අස් වී තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු ඇරඹූ ඔහු මෙරට කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකි. සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි හිටපු සභාපතිවරයා යි. වසරක කාලයක් සඳහා ලංකා ආයෝජන මණ්ඩලය මෙහෙයවීමේ වගකීම ස්වෙච්ඡාවෙන් භාරගත් ඒ මහතා සිය පුද්ගලික හේතූන් මත වසරක කාලය ඇවෑමෙන් මෙලෙස ආයෝජන මණ්ඩල මුල්පුටුවට සමු දී තිබේ.

Read More

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි

ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය. රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වනු ඇතැයි ද පැවසේ. මෙම ගිවිසුමට එක්වන රටවල් 15 ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කීම ද විශේෂත්වයකි. එපමණක් නොව ගිවිසුමට එක්වන රටවල ජනගහනය ගෝලීය ජනගහනයෙන් 30% කට හිමිකම් කියයි. “මේක විශාල ජයග්‍රහණයක්” යැයි වෙළෙඳ අමාත්‍ය බර්මින්ග්හැම් පැවැසීය. මේ තුළින් ජාත්‍යන්තර තරගකාරීත්වයට සම්බන්ධ වීමට ඔස්ට්‍රේලියානු සමාගම්වලට අවස්ථාව ලැබෙන බවත් හෙතෙම කීය.

Read More

වාහන ආනයනය තවත් වසරකින් කල් යයි

vehicle sale in sri lanka

වාහන ආනයනය කිරීමේ තහනම තවත් වසරක කාලයක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙම තහනම හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියනයක මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ඇති බව අමාත්‍යාංශය අනුමාන කර තිබේ. මෙරටට අවශ්‍ය වාහන ප්‍රමාණවත් තරම් ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. එහෙත් වාහන ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය යුතු බවයි.

Read More

මුදල් භාණ්ඩ හුවමාරුව‍ පරිස්සමින්

money converter

නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අවම මුදල් හුවමාරුවකට යොමු වීම වැදගත් කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ, නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සදහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු දෑත් පිරිසිදු කරගැනීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවරයන් වන බවයි. මුදල් පමණක් නොව භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම ද වැදගත් වන බවයි වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Read More

වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත. ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ. මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.

Read More

ලංකා බැංකුවේ ශාකා කළමනාකරුවන්ට දේශපාලන බලපෑම්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකා බැංකුවේ  ශාකා කළමනාකරුවන්ට විවිධ දේශපාලන බලපෑම් එල්ල කරමින් ඇතැම් පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉ‍ටු නොකිරීම නිසා කළමනාකරුවන් අත්තනෝමතික ලෙස මාරු කිරීමට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගමයක්  ගෙන ඇති බවත් මෙහි එක් අදියරක් ලෙස ඊයේ (20) දිනයේ කෑම පැයේ විරෝධතාවක් සංවිධානය කළ බවත් ලබන (22) දා පොලොන්නරුවදිස්ත්‍රිකයේ සියලුම බැංකු ශාකා වසා දමා සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවත් ලංකා බැංකු සේවක සංගමය පවසයි. එහි උප ලේකම් ධනංජය සිරිවර්ධන මහතා පැවසුවේ ඊයේ(20) දින සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇත ලංකා බැංකුවේ සියලුම ශාකා දින 3ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවයි. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපානඥයින්ගෙන්…

Read More

වාහන මිල ගණන් සීඝ‍්‍රයෙන් ඉහලට

රට තුළ වාහන මිල ගණන ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි. ආනයනය නතර කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව සදහන්. රුපියල් ලක්ෂයේ සිට ලක්‍ෂ 5 වැනි ඉහළ අගයක් තෙක් වාහන මිල වැඩි වී ඇතැයිද පැවසීය.

Read More

තල් හා කිතුල් කර්මාන්ත මඟින් විදේශ විනිමය උපයා ගැනීමට සැලසුම්

තල් හා කිතුල් කර්මාන්ත නඟා සිටුවා එමඟින් විදේශ විනිමය උපයා ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. තල් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිලිවෙළ යටතේ තල් සංවර්ධන මණ්ඩලයේ මෙහෙයවීමෙන් වෙන්නප්පුව ප්‍රදේශයේදී තල් නිර්මාණ එළිදැක්වීමේ වැඩිසටහනක් පැවත්වුණා. ඒ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සහයෝගයද ඇතිවයි. එම නිෂ්පාදන ජනතාවට මිලදීගැනීමටද මෙහිදී පහසුකම් සළසා තිබුණා.

Read More

PayPal ප්‍රමාද ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළුවක් නිසා

වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් ලෙස PayPal පහසුකම ශ්‍රී ලංකා ජනතාවට ලබා දිය යුතුය යන මතයේ තමා තදින්ම සිටින බවත් එම පහසුකම් මෙරටට නොලැබීමට මෙතෙක් ඉතිහාසයේ කාරණා දෙකක් බලපා ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. “ඒ වගේම කළු සල්ලි වඩාත්ම බිහිවෙන්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන්. ශ්‍රී ලංකාව දැනට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තියෙනවා පහුගිය කාලේ. නමුත් ආණ්ඩුව මේ දිනවල වේගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපවත්වමින් යනවා, මේ ප්‍රශ්න දෙක විසඳ ගත්තායින් පස්සේ අනිවාර්යයෙන්ම PayPal, PayPal වෙනුවට ඊසී කෑෂ් ක්‍රම භාවිත කර මේ අය මත්ද්‍රව්‍ය වෙළෙඳාම ලංකාව තුළ කරගෙන යනවා. ජාත්‍යන්තර වශයෙන් කරද්දී PayPal…

Read More

රන් ආනයන බදු ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි. 1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වාදුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත විය. 2018 වසරේ දී රත්‍රන් ආනයනය සඳහා 15%ක බද්දක් පනවනු ලැබිණ. ස්වර්ණාභරණ මිල ඉහළ යාමට මේ බදු හේතු වී තිබේ. අදාළ බදු කඩිනමින් ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ උන්නතියට…

Read More