නාසා ආයතනය විසින් පසුගිය දිනක අඟහරු ග්‍රහයා වෙත යැවූ රෝවර් නැමැති යානය අඟහරුවෙත ගොඩ බස්සවන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් කර තිබේ. අඟහරු ග්‍රහයා මතදී ලබාගත් හඬපටයක්ද නාසා අයතනය නිකුත් කර තිබුණි. පසුගිය පෙබරවාරි 18 වනදා රෝවරය අඟහරු මතට ගොඩබස්වන අවස්ථාවේ අවසන් මිනිත්තු කිහිපය තුළ ලබාගත් වීඩියෝ දර්ශන එළෙස ප්රසිද්ධකර තිබේ. නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන්නේ කැමරා මගින් ගිගාබයිට් 30ක පමණ දත්ත ප්‍රමාණයක් සහ යානය ගොඩබස්වන අවස්ථාවේ ඡායාරූප විසිතුන්දහසකට වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට හැකිවූ බවයි. සරලා සමන්මලී
Read MoreCategory: විශේෂාංග
මාර්තු වල සිට සංසරණය වන විස්සෙ කාසිය
ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු ලැබීය. ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70ක් පිරීම නිමිත්තෙන් “සමරු සංසරණ” කාසියක් ලෙස මෙය නිකුත් කර තිබේ. කාසිය පැති 07ක් සහිත හැඩයකින් යුතුව නිකල් තවරා, වානේවලින් නිෂ්පාදනය කර තිබේ. කාසි මිලියන 05ක් ලබන මාර්තු 03වනදා සිට මුදල් සංසරණයට එකතු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreමහා වංශ පුස්කොළ පොත් ලෝක උරුමයක් වෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයේ ඇති මහා වංශ පුස්කොළ පොත් එකතුව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර ඇතැයි එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක පැවසීය. මෙම පුස්කොළ පොත් එකතුව පරීක්ෂා කිරීමට විශ්වවිද්‍යාලයට පැමිණි යුනෙස්කෝ නියෝජිතයන් ඒ පිළිබඳ සෑහීමකට පත් වූ බවත් මහා වංශයේ සියලු කොටස් කිසිදු අඩුපාඩුවකින් තොරව පවතින එකම ස්ථානය වන්නේ විශ්වවිද්‍යාලයීය පුස්තකාලය පමණක් බවත් එම නියෝජිතයන් හඳුනාගත් බව උපකුලපතිවරයා සඳහන් කළේය. ඒ අනුව මෙම පුස්කොළපොත් එකතුව ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව යුනෙස්කෝ නියෝජිතයන් දැනුම් දුන් බව මහාචාර්යවරයා කියයි.
Read Moreවිදේශ අමාත්‍ය ජිනීවා එක්සත් ජාතීන්ගේ සැසිවාරය අමතමින් කළ කතාව
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ ඉහළ කාණ්ඩය 2021 පෙබරවාරි 23, ජිනීවා වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශය සභාපතිතුමියණි, මහ කොමසාරිස්තුමියණි, සම්භාවනීය තානාපතිවරුනි, නෝනාවරුනි, මහත්වරුනි, මා ඔබ අමතන මේ අවස්ථාවේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) සිය වාර්තාව පිළිබඳ මින් පෙර කිසිදා නොකල ආකාරයේ ප්රචාරක ව්‍යාපාරයක් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත. දශක තුනක ගැටුමකින් ශ්‍රී ලංකාවේ වීරෝදාර ත්‍රිවිධ හමුදා 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අකර්මණ්‍ය කළේය. ශ්‍රී ලංකා රජය කටයුතු කළේ ලෝකයේ කෲරතම බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයෙන්…
Read Moreමට්ටෙන් ගොඩ යන අපේ කාලයේ තරුණයන්ට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක්
තුරුණු තරුණයන් ව්‍යාපාරික ලෝකයට එක් කරන්නට ක්ෂේත්‍ර 81 ක බල ඇනියක් සකස් කරන්ට මධ්‍යම ආන්ඩුව පියවර ගන්නා බැව්, වේවැල් පිත්තල මැටි ලි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසංන්න රණවිර මහතා පවසයි. තරුණ ප්‍රජාව දේශිය කර්මාන්ත සඳහා නැඹුරු කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ගාල්ල දිස්ත්‍රික් දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ සංවර්ධන කමිටුවට පසුගියදා එක්වෙමින් වේවැල් පිත්තල මැටි ලි බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසංන්න රණවිර මහතා ප්‍රකාශ කළේය. සම්ප්‍රදායික කර්මාන්තවල නියැළිමට තරුණ පිරිස් වැඩි වශයෙන් නැඹුරු නොවීම හේතුවෙන් තරුණ පිරිස් ආකර්ශනය කර ගැනීමට…
Read Moreඉස්සන් හා පොකිරිස්න් කොටු නොකර කොටු කරයි!
ගාල්ල දිස්ත්‍රික්කයේ ඉස්සන් හා පොකිරිස්න් වගාවට පියවර ගන්නා බව, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.මේ යටතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම , හික්කඩුව, මාඳු ගඟ, කොග්ගල , දොඩන්දුව, දෙද්දුව වැනි කලපුවල මෙම ජලජීවි වගාව සංවර්ධනය කරන්නට පියවර ගන්නා බැව් ඇමතිවරයා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ කලපුවල දැනට පවතින ජාකොටු වැඩිදියුණු කරමින් පොකිරිස්සන් සහ ඉස්සන් ගහණය ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා පැවති ගාල්ල දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීමේ කමිටුවේදී අනාවරණය කෙරිණ. මේ සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම , හික්කඩුව, මාඳු ගඟ, කොග්ගල , දොඩන්දුව, දෙද්දුව වැනි කලපුවල සහ දැනට පවතින ජාකොටු ආශ්‍රිතව වැඩිදියුණු කරන ලද…
Read Moreවියපත් පෙම ගැන කතිකාවක්!
කාමභෝගීත්වය පරමාදර්ශය කරගත් සමාජයක සාම්ප්‍රදායික වියපත් බවකට පිවිසීමේ අභියෝගය තේමා කර ගනිමින් තිලක් සේනාසිංහ ලියූ අලුත්ම නවකතාව”ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේම කතාව” දොරට වැඩුම 2021 පෙබරවාරි 25 බ්‍රහස්පතින්දා සවස 4.00 ට බොරැල්ල,කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා කේන්ද්‍රයේ දී සිදු කෙරේ. මෙහිදී “වියපත් බව,ප්‍රේමය සහ සදාචාරය” යන මැයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ “වියපත් වූවන්ට ප්‍රේමය අකැපද?” යන යන මැයෙන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය නාමල් විජයසිංහ යන විද්වතුන් කෙටි දෙසුම් පවත්වනු ඇත. මෙම වැඩසටහන ඉතිහාස ගවේෂක විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ විසින් මෙහෙයවන…
Read Moreශ්‍රී ලංකාවට චෝදනා එල්ල කළත් ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවයි
මානව හිමිකම් බරපතලව කඩවි ඇති බව කියමින් ජත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාවට දැඩි චෝදනා එල්ල කළත් තිස්වසරක් තිස්සේ පැවති යුද්ධයේදී ලෝකයේ මානුෂියම හමුදාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව බව ඔවුන් විදහා දැක්වීය. වීරෝධාර රණවිරුවන් මෙරට ජීවත් වන සියළුම ජන කොට්ඨාශ විවිධ ආගම් අදහන්නන්ගේ අයිතිය රැකීමට සටන් කරනු ලැබුවේ සිය ජීවිත පරදුවට තබමින්ය.පැවති තිස්වසරක් පැවති කුරිරු යුද්ධයෙන් මව්පියන්ට දරුවන් අහිමිව ගොස් ඇත. දරුවන්ට සිය මව පියා අහිමිව ගොස්ය.සිය බිරිදට සැමියා අහිමිව ගොස්ය.සිංහල දමිල මුස්ලිම් බර්ගර් ඇතුළු සියළුම ජනකොට්ඨාශවල ජීවත්විමේ අයිතිය රැකීමට ඔවුන් මිලේඡච ත්‍රස්තවාදින් සමග සටන් කළත් සැබවින්ම එය මානූෂීය මෙහෙයුමකි. රණවිරුවන් යුද…
Read Moreලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනිය නොබියව ඉදිරියට
ලංකා ඉතිහාසයේ එකම නියෝජ්‍ය පොලිස්පතිනියට පිරිමි පාර්ශවයෙන් කෙතරම් බලපෑම් ආවත් පිරිමි කීයක් එතුමියට එරෙහිව අදහස් දැක්වූවත් ඇය නොබියව ඊට මුහුණ දුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමන් ඇතුළු පාර්ලිමේන්තු නියෝජිතවරියන්ට එවැනි බාධාවන් හෝ බලපෑම් නොමැති බවත් කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාජිකා වික්‍රමසිංහ මහත්මිය පවසයි. ඒ මහත්මිය මේ බව පැවසුවේ පොලොන්නරුව පුලතිසි බුද්ධිමණ්ඩපයේ පැවති පොලොන්නරුව දිස්ත්‍රික් පෙරපාසල් ගුරු වෘත්තීය සංගමයේ වාර්ෂික සම්මේලනයට සහභාගී වෙමිණි. එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය මෙසේ ද කීවා ය. “දැන් ඔබට ඔබගේ සුභ සාධන කටයුතු ඇතුළු සියලු කටයුතු වෙනුවෙන් කරන්න ඕන සියලු කටයුතු…
Read Moreරාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් වන්න
ජනත නියෝජිතයින් රාජ්‍ය නිලධාරින්ගේ කාර්ය භාරය ඉටු කිරීම සඳහා සහාය ලබා දිය යුතු බවත් රාජ්‍ය නිලධාරින් ආරක්ෂා කර ගැනීමට මැදිහත් විය යුතු බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පවසයි. උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිණි. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය. “පෙරේදා කිසියම් පිරිසක් ජයන්තිපුර රෝහලේ කාර්ය මණ්ඩලවලට ගහලා බැලනලා තර්ජනය කරලා තියෙනවා.මේ ජයන්තිපුර මේ වගේ සිදු වීමක් වුණ දෙවන වතාව මේක.ඊයේ ජයන්තිපුර රෝහලේ සම්පූර්ණයෙන් ම වැඩ නැවැත්තුවා.පස්සේ අපිට පොලිසියේ ජ්‍යෙශ්ඨ පොලිස් අධිකාරී තුමාට කතා කරලා…
Read More