දෙතොල් රත කරන අන්නාසිසාව

දෙතොල් රත කරන අන්නාසිසාව

අන්නාසි කියලා කියන්නේ මම ආසම පලතුරු වලින් එක ජාතියක්. මගේ අන්නාසිසාව ගැන ලියන්න හිතුනා. අපේ දිව කියලා කියන්නේ සංස්කෘතික කාරණයක්. අපි විඳින රස ඒ හැඟීම කොච්චර අපිට අකුරු කරන්න වචනවලට හරවන්න පුලුවන් ද කියන එකත් එක්ක විඳින රස දෙඟුණ වෙනවා. අන්නාසි කියන්නේ රස ගුහාවක්. ඒක කෙළවරක් නැති ගුහාවක්. ඉතිං ඇවිදින්න නවතින්න දොයියන්න, මග මුණ ගැහෙන…

වතුරට ඇබ්බැහිවෙන්න.. ඒක කොකේන් කංසා පරදන මත් එකක්..
| |

වතුරට ඇබ්බැහිවෙන්න.. ඒක කොකේන් කංසා පරදන මත් එකක්..

වතුර කියන්නේ මේ ලෝකේ මම ආසම දේවල්වලින් එකක්. ඉස්සර කොහේ හරි ගිහිං ගෙට ගොඩ උන ගමන් බඩට හලාගන්නේ වතුර. රසක් සුවඳක් පාටක් නෑ කීවාට මාර රහයි මට මේ වතුර පොද.. රත්නපුරේ ගමේ කැලෙන් බඩගාලා ගෙදරට වඩින වතුර ගඟුල තරම් රස වතුරක් මට තවම කොහේදිවත් දිවට වැටිලා නෑ. එක දවසක් පානමදි කුමන ගමේ පැරැන්නෙක් එක්ක කයියකදි…

මේක මගේ කරුමේ…!
| |

මේක මගේ කරුමේ…!

මුල්ම රැල්ලේ දී මිනිස්සු ටිකක් මේකට බය උනා. හැබැයි ඒ ක්ෂණයෙන්ම ඔවුන් මේක අල්ලගත්තා. ඊටපස්සේ නිකටට යටින් මාස්ක් එක දාගෙන ධම්මික පැණිය බිව්වා. පැණිය ගන්න පෝලිම්වල හිටියා. ඒ අස්සේ ගමේ අත් බෙහෙත් උනත් නැඟලා ගියා. ඊටපස්සේ මිනුවන්ගොඩ පෑලියගොඩ රැලි එනකොට මිනිස්සු මේකට සෙට්වෙලා මේ රැලි උඩ පාවෙන ක්‍රමය සොයාගෙන ඉවරයි. අපි මුහුදේ නානකොට රැල්ලක් එනකොට…

උයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!
|

උයනවා කියන්නේ ජීවිතදුක සුළඟට මුහුකරලා රස කතාවක් ගොතනවා වගේ වැඩක්..!

අපේ අම්මා කියන්නේ දුක් ගඟක තාම පාවුණ ගෑනියෙක්. මම හිතන්නේ අපේ ගමේ ඉන්න දුක්ඛිතම ගැහැනිය එයා වෙන්න ඇති..!. හැබැයි කවදාවත් අඬනවා දැකලා නෑ. බොහෝම කලාතුරකින් ඇය කළේ හුස්ම ගැනීම නතර කිරීමට වීරිය ගැනීම විතරයි. ඒ වෙලාවට අපි වටවෙලා ඇයගේ පපුව අතගානවා. සමහර වෙලාවට කපුරු පෙත්තක් මේස හැන්දක තියලා පහන් දැල්ලකට අල්ලලා සුවඳ දියර වුනාම පපුවේ…

කැන්දපත් ඇල්ලට ගමනක්
|

කැන්දපත් ඇල්ලට ගමනක්

ඇඳිරිය හෙටානිද්දට අහවරයි ඕන් කියලා ඇහෙනවා. ලොක්ඩවුන් ඉල්ලුවාම ඇඳිරිය දාපු රටේ ගෙදර ඉඳලා කොරන්න වැඩක් හිත හිතා ඉන්නකොට මෙහෙම හිතක් ආවා. ආගිය තැන්වලට මතකයෙන් යන්න ඇහැක් නම්.. ඒක ආතල් හිටී. ඉතිං මතක මඟුල් සොමියක් ගන්න කියලා තමයි මේ හදන්නේ. මෙහෙම හිතහිතා මුහුනු පොතේ එහෙට්ට මෙහෙට්ට ගාටනකොට මෙන්න හුරු පුරුදු එකපාරටම ඇහැ අස්සට කඩන්පැන්න පොටෝවක් දැක්කා….

කැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක
|

කැලේ මැදගමේ ගමේ උක් පැණිවන් මතක

මේ කතාව පටන්ගන්නේ කොහොමද?.. උක් පැණි හරි මිහිරියි. ඒ වගේ මතකයක් ගැන ලියන්නයි මේ හදන්නේ. ජීවතේ අස්සේ අමතක වෙන්නේ නැති මතක කැබලි ගොන්නක්..ඒ ගොන්න අස්සේ මේ ගමට තියෙන ඉඩ ගොඩක් ලොකුයි. මේ මතක වනාන්තරය අස්සේ මේ ගම ගැන මතක ගොන්නත් ඔස්ට්‍රේලියාව වගේ කොදෙව්වක් කිව්වොත් ඒක හරි.. මේ ගමත් දුපතක්. සතා සත්තු ඉන්න මහා වනන්තරේ (උඩවලව…

සීතසළු දවටන් රිවර්ස්ටර්න් අපි එනකම් මග බලං…
|

සීතසළු දවටන් රිවර්ස්ටර්න් අපි එනකම් මග බලං…

විල්ගමුව ගිනිපෙට්ටි පාලම ළගින් කන්ද බලලා පාලම ළග පෙට්ටි කඩෙන් ඉරිගු කරලක් ගිලලා කඩේ අක්කගේ සිරික්කියත් විදලා හීන් ගගේ බැහැලා හීනියට නාකියාගෙන හිනියටම සුලුගුනේ ගමෙත් කරක්ගහලා හීනියට අඩියක් දෙකක් ගහලා මූනට එබෙන කන්ද හිනියටම නැගලා අලිකැලේ හක්කලන් ගහලා කොරලා ගලමුදුනට වැඩිය හැටි ඊළගට වැල්ගාලට ගියහැටි මතක් වෙනවා. සීත සුළග මුහුණේ වැදිලා ඈතට යන්න යනවා. අහලින්…

අන්නන් උබ කොහේද?…

අන්නන් උබ කොහේද?…

අන්නන් දෙමළ. කළුයි එච්චර උසත් නැති මිටිත් නැති අන්නන් යෝදයෙක් වගේ. යකඩයක් වගේ. දැන් මේ යකා ආගිය අතක් නැහැ. අන්නන් ගැන මට තියෙන්නේ පොටෝ මතකයක්. සතපහේ කාසිය දෙපැත්තෙන් ඇතුළට තැලුවා වගේ මූනක ඇස්දෙක ටිකක් යටට ඔබලා. බුරුසුවක් වගේ රැවුලක් නහයට යටින් තිරසට. පොලිස් පෙනුමක්. බැලූ බැල්මට මඩකළපු දෙමළ පෙනුමක් නැගෙනහිර හිංගල පෙනුමකට මුසුවෙලා වගෙයි. නිතරම…

සිංහරාජය කවියක්නම් මම එහි පදපෙළක්

සිංහරාජය කවියක්නම් මම එහි පදපෙළක්

උසට උසේ ගස්, චුරු චුරු වතුර බිදිති හිනා ගොඩයි එක්ක තරගෙට ඉහිරෙන නදීකෙදි, රැහැයි මියුසික්, අපි තව තවත් ඇතුලට යනවා.. අපි දැන්  පුංචි තිතක්.. මහකැලේ කතාකරනවා… අපි  නවතිනවා. අපි  මුසු වෙනවා.. අපි  අතහරිනවා.. තැන තැන ගස් අස්සෙන් මූනට පනින හිරුකිරම තුරුපතක රටාවක් මුහුණේ මකනවා. හරියට සොබාව අකුරු ලියනවා වගේ. සිංහරාජ මහකැලේ කවියක්නම් එහි පද පේළියක්…

පානමේ සැරි සරමු

පානමේ සැරි සරමු

නැගෙනහිර අහස නිල් පාටයි.. තැනින් තැන කළු වළා කැටිති ඔහේ බලාන ඉන්නවා. බස් රථය හැල්මේ ඉදිරියට දුවනවා. ලාහුගල.. උදෑසන හිරු කිරණ පෙරළා එවන රශ්මි අතරින් බෝ්ඞ් ලෑල්ල බොඳවෙලා පේනවා. පිටුපස්සේ සීට්වල ගොඩක් අය නිදි. ගමන කෙළවර වෙන්න තව පැය එක හමාරක්වත් යන්න වෙයි මම සිතනවා. ලාහුගල වඟුරේ බෙරු කන්න උදෙන්ම අලි රංචු ඇවිල්ලා. ලාහුගල තමයි…