කඩා වැටුණු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි
|

කඩා වැටුණු පාලමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවයි

ඇමරිකාවේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම කඩා වැටීමෙන් පසු සුන්බුන් ඉවත් කිරීම සඳහා නැගෙනහිර එක්සත් ජනපද මුහුදු තීරයේ තිබෙන විශාලතම දොඹකරය බැල්ටිමෝර් වෙත ගෙන්වා තිබේ. පාලම යථාතත්වයට පත් කිරිම සඳහා ෆෙඩරල් හදිසි අරමුදල්වලින් ඩොලර් මිලියන 60ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. එලෙස එම පාලම කඩා වැටීමේ රක්ෂණ වන්දිය ඩොලර් බිලියන 3 ඉක්මවිය හැකි බවයි විදෙස් මාධ්‍ය…

කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්
| |

කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්

ඇෆ්ගනිස්තානය තුළ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ නීතිය යළි බලාත්මක කිරීමට තලේබාන් සංවිධානය තීරණය කර ඇත. ඇෆ්ගනිස්තානයේ උත්තරීතර නායකයා වන මුල්ලා හිබතුල්ලා අකුන්සාඩා, එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ඊයේ (30දා) විශේෂ හඬ පනිවිඩයක් මුදා හරිමින් මේ බව දන්වා සිටියි. එහිදී ඔහු පවසා ඇත්තේ, “අපි ගල් ගහලා මැරුවාම ඒක කාන්තා අයිතිවාසිකම් කඩවීමක් කියලා ඔබ…

පුටින්ට අතිවිශිෂ්ට ජයක්
|

පුටින්ට අතිවිශිෂ්ට ජයක්

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීව ඇත. රුසියාවේ මධ්‍යම මැතිවරණ කොමිසමට අනුව, ඔහුට 87%ක ඡන්ද ප්‍රතිශතයක් තිබූ අතර එම ප්‍රදේශවලින් 60%ක් පමණ මේ වනවිට ගණන් කර තිබේ. ඒ අනුව, තවත් වසර 6 කට රුසියාවේ ජනාධිපති ධුරය හෙබවීමට 71 හැවිරිදි පුටින්ට හැකිවේ. රුසියාවේ වැඩිම කාලයක් ජනාධිපති ධුරය හොබවන නායකයා බවට ද පුටින් පත්වන අතර…

රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්
| |

රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්

රුසියානු සන්නද්ධ හමුදාවන් නැවත නැවතත් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මානව හිමිකම් උද්ඝෝෂකයෙකු වන ඔලෙග් ඔර්ලොව් වැරදිකරු බව රුසියානු අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී සංවිධානයක් වන Memorial සංවිධානයෙහි සම සභාපති වන ඔලෙග් ඔර්ලොව් හට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙයි. මෙය නැවත විභාගයට ගත් නඩුවක් බව සඳහන්….

දූෂිතයකුට සමාව දී හංගේරියාවේ ජනපතිනිය ඉල්ලා අස් වෙයි
| |

දූෂිතයකුට සමාව දී හංගේරියාවේ ජනපතිනිය ඉල්ලා අස් වෙයි

ළමා ලිංගික අපයෝජන සිදුවීමකට සම්බන්ධව බන්ධනාගාරගත වී සිටි පුද්ගලයකුට සමාව දී නිදහස් කිරීම හේතුවෙන් ජනතා විරෝධයට ලක්වූ හංගේරියාවේ ජනාධිපතිනිය කැතලින් නොවැක් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ. පසුගියදා රූපවාහිනියෙන් ජාතිය අමතා ඇය සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හංගේරියාවේ පළමු කාන්තා ජනපති ලෙස ඉතිහාසයට එක්…

අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර
|

අමෙරිකාවෙන් ගුවන් ප්‍රහාර

අමෙරිකානු හමුදාව සිරියාවේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීම ආරම්භ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෝර්දානයේ ඇමරිකානු කඳවුරක දී සොල්දාදුවන් තිදෙනෙකු මෑතක දී මිය යාමේ සිද්ධිය මූලික කරගනිමින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි. ඩ්‍රෝන යානා, රොකට් සහ කෙටි දුර බැලස්ටික් මිසයිල ඇතුළු ආයුධවලින් අමෙරිකාව සහ සභාග හමුදා ඉරාකයේ, සිරියාවේ සහ ජෝර්දානයේ දී ප්‍රහාර…

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි
| |

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අමෙරිකානු කෙ‍ාංග්‍රස් අධිකරණ කමිටුවට කැඳවයි

ඔන්ලයින් අනාරක්ෂිත භාවය වළක්වා නොගැනීම ගැන කරුණු විමසයි මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන ප්‍රධානීන් (31) එකඟ වී තිබේ. මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය ආයතන 5ක විධායක නිලධාරින්…

පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී
|

පොරොන්දු කඩ කළ ජනපතිට එරෙහිව ජනතාව පාරට බසී

බදු ඉහළ දැමීම සහ මහජන සුබසාධනය කප්පාදු කිරීම ඇතුළු තීරණ රැසක් ගැනීම හේතුවෙන් අජෙන්ටිනා ජනාධිපති ජාවේර් මිලෙයිට එරෙහිව පෙරේදා බුවනොර්ස් අයර්ස් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රටේ ආර්ථිකය යළි ගොඩනංවන බවට පොරොන්දු වෙමින් පසුගිය දෙසැම්බරයේ ජනපති ධුරයට පත් වූ ජාවේර් මිලෙයි ජනතා පරමාධිපත්‍ය බිංදුවට ඇද දමා ඇතැයි ද, බදු…

ඈන් කුමරිය අද දිවයිනට
|

ඈන් කුමරිය අද දිවයිනට

බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් රාජකීය කුමරිය අද (10) දහවල් මෙරටට පැමිණීමට නියමිතව තිබේ. අද දිවයිනට පැමිණෙන ඈන් කුමරිය ලබන 13 වනදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි. අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහ රැජිණගේ එකම දියණිය වන ඈන් කුමරිය මේ වන විට 73 වන වියේ පසු වේ. විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ශ්‍රී ලංකා රජයේ…

පලස්තීනුවන් දහස් ගණන් රෆා පිවිසුම වෙතට
|

පලස්තීනුවන් දහස් ගණන් රෆා පිවිසුම වෙතට

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. ඒ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා…