තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාමාර්ග උචිත හා නීත්‍යානුකූල බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍ය වැන්ග් යී බංග්ලාදේශයේ සංචාරයක් අතරතුර මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු එහිදී පෙන්වා දී ඇත්තේ තායිවානය, ඇමරිකාවේ කොටසක් නොව එය, චීනයේ ප්‍රදේශයක් බවයි.
Read MoreCategory: sinhala news
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට සුදානමක්
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරමින් අද (08) දිනය තුළ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2015 වසරේදී තහනමක් පනවා තිබුණා. කෙසේ වෙතත් ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත්ව මේ මස 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ තහනම ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් අද දිනය තුළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තාවන්නේ.
Read Moreපොලීසියේ කාර්යයන් අමතකවීම අපරාධකරුවන්ට රුකුලක්
දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලට ප්‍රධාන හේතුව රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ නීතියේ කඩාවැටීම බව අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥයින් පවසයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය නේරංජි විජේවර්ධන සඳහන් කළේ පොලීිසියේ ප්‍රධාන කාර්යභාරයන් වෙනුවට අතිරේක කාර්යයන් වැඩි වශයෙන් පැවරීම ද මෙවැනි තත්ත්වයන්ට හේතු වන බවයි. පවතින තත්ත්වයන් හමුවේ පොලීසියට අපරාධ විමර්ශනයන් සිදුකිරීමට වඩා වෙනත් කාර්යයන් පැවරීම හේතුවෙන් අපරාධකරුවන් එයින් ප්‍රයෝජන ගන්නා බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
Read Moreදිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවදුරටත් දිස්ත්‍රික් 5ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, ඊයේ (07) පස්වරු 3 සිට අද (08) පස්වරු 3 දක්වා කාලය සඳහා බලපැවැත්වෙන පරිදි එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවය. ඒ අනුව හම්බන්තොට, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreදෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 200 ආසන්න වෙයි
මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 200 සීමාවට ආසන්න වී තිබේ. යළිත් වරක් කොවිඩ් අනුප්රභේද රට තුළ පැතිරයමින් පවතින බව පසුගිය දින කිහිපය තුළම සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කළේය. කෙසේවෙතත් ඊයේ (07) දිනයේ දි කොවිඩ් -19 ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මෙම සියලු ආසාදිතයින් මෙරටින් හඳුනාගත් පුද්ගලයින් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read MoreQR දෙවන කෝටාව ඇරඹේ
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාගැනීමේ දෙවන කෝටාව ඊයේ (07) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණි. සෑම සතියකම ඉරිදා මධ්‍යම රාත්‍රීයේ මෙය යාවත්කාලීන කෙරෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, QR ක්‍රමවේදය යටතේ පසුගිය සතියේ ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙල අතිශයින්ම සාර්ථක බවය. මේ සඳහා සහාය ලබාදුන් සියලු පාර්ශවයන්ට තමන් ස්තූතිය පළ කරන බවද ඔහු සිය ට්ව්ටර් පණිවුඩය මඟින් සඳහන් කර තිබේ.
Read Moreචීන යාත්‍රාව සම්බන්ධයෙන් අර්බුදය උග්‍ර වේ
ඔත්තු බලන්නකු ලෙස අපකීර්තියට ලක්වූ හම්බන්තොට වරායේ නැව්ගත කිරීමට නියමිතව තිබූ ‘යුවාන් වැන්ග් 5‘ නමැති චීන ලුහුබැඳීමේ යාත්‍රාව ආගමනය කල් දැමිය යුතු බවට ශ්‍රී ලංකාව සිකුරාදා ඉල්ලීමක් කළ අතර ඊට ප්‍රතිචාර දැක්වීමට පෙර චීන තානාපති කාර්යාලය චීන රජය අමතා ඒ සම්බන්ධ උපදෙස් ලබා ගන්නා බව ශ්‍රී ලංකාවට ඊයේ දන්වා ඇත. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාගේ ඉල්ලීම පරිදි ඊයේ පැවති කෙටි සාකච්ඡාවකදී චීන තානාපති Qi Zhenhong මහතා මේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දුන් බව බලධාරී ආරංචි මාර්ග පවසයි. මෙම නැව නැව්ගත කිරීම ශ්‍රී ලංකාවට භූ දේශපාලන හිසරදයක් බවට පත්ව ඇත.…
Read Moreමුල මතක ජනපති
සියලුදෙනාගේම සහාය ගෙන රට පවතින අසීරු තත්ත්වයෙන් මුදාගැනීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ආචාර්ය අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේය. මේ අවස්ථාවේ සර්ව පාක්ෂික පාලනයකට සහාය නොදෙන දේශපාලනඥයන්ව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතු බව එහිදී මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මං මෙතන රටේ ජනාධිපති හැටියට. මෙතෙනට එන්න පුළුවන් වුණේ ඔබ වහන්සේ දුන්න අවවාද නිසා. නැත්තම් මං මෙතැන්ට එන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහ හැටියට. අගමැති තනතුර ගන්නාවාද නැද්ද හිටපු අවස්ථාවේ ඔබවහන්සේ කිව්වා, අනික්…
Read Moreජපානයේ තවත් ව්‍යාපෘතියක් අත්හිටුවයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) තීරණය කොට ඇත. වත්මන් රජයට ණය ගෙවීමට හැකියාවක් නොමැති බවට වූ පදනම මත තාවකාලිකව එම ව්‍යාපෘතිය අත්හිටුවීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව JICA විසින් BIA සංවර්ධන ව්‍යාපෘතියේ (BIADP) 2 වන අදියරේ පර්යන්තය-2 ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 570 ක අරමුදල් අත්හිටුවීමට තීරණය කර ඇත. මෙම ව්‍යාපෘතිය පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන්නේ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අල්ලස් ගැනීමකට සම්බන්ධ බවට එල්ල වූ චෝදනා මුල්කරගෙනය.
Read Moreනැවතත් රජයෙන් කාබනික ප්‍රතිපත්තියක්
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසිවිටෙක ඉවත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව ලබන මහ කන්නයේ වගා කරන කුඹුරුවලින් සියයට 30ක් කාබනික වගාවට යොදාගැනීම සඳහා මේ වන විටත් නිර්දේශ කර ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි. ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ගොවි ජනතාවට ලබාදීමට පියවර ගන්නා අතර ප්‍රමිතිය පරීක්ෂා කිරීමකින් තොරව කිසිදු කාබනික පොහොර වර්ගයක් සඳහා අනුමැතිය ලබානොදීමට තීරණය කර ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය. කාබනික වගාව රටට අත්‍යවශ්‍ය බව පෙන්වාදෙන කෘෂිකර්ම අමාත්‍යවරයා ලබන මහ කන්නයේ කාබනික වගාවේ යෙදෙන ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට පියවර ගන්නා බව වැඩිදුරටත්…
Read More