ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

ඥානසාර හිමියන්ට වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවමක්

ගලබොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය. ඒ ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමිනි. 2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම…

පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)
| |

පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)

පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වැනි සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම (PPL) තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින්. එළඹෙන 29 වනදා පෙරවරු 08.00ට පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමය කටයුතු…

වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ සෙල්ලිපි පිටපත් කිරීම ගැන සොයාබලයි
|

වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ සෙල්ලිපි පිටපත් කිරීම ගැන සොයාබලයි

පසුගිය දිනවල දැඩි කතා බහට ලක්වූ කන්තලේ වාන් ඇල විහාරගල රජ මහා විහාරයේ ඇති පුරාණ සෙල්ලිපි පිටපත් කිරීමට පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂක බුද්ධි නාගොඩවිතාන මහතා පැමිණියේ විහාරස්ථානයේ හා දායකයින් ගේ බලවත් ඉල්ලීම මතය. එහිදී මීට වසර 2200 කටපෙර කාවන්තිස්ස රාජ සමයේ බව හා මෙහි රහතන් වහන්සේලා වැඩ සිටි බවට හා තවත් සෙල්ලිපි කීපයක් මැකී ගොස්…

ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය
|

ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය

අම්පාර, හබරණ, කොස්ගම, කුරුණෑගල, පන්නල හා වේයන්ගොඩ යන ග්‍රිඩ් උපපොළවල් සඳහා විදුලි බලාගාර ස්ථාපිත කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, අදාළ ආයෝජකයන් වෙත පිරිනැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ග්‍රීඩ් උපපොළවල් 11ක මෙගාවොට් 1 සිට 5 දක්වා AC ධාරිතාවකින් යුත් මෙගාවොට් 70ක ධාරිතාවක් ස්ථාපනය කිරීම සඳහා 2023-10-02 දින පැවැති අමාත්‍ය…

මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට
|

මෛත්‍රීගේ ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවට

පාස්කු ප්‍රහාරය පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සමාලෝචනය කිරීමෙන් පසු අධිකරණයට කරුණු වාර්තා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව සූදානම් වේ. ඒ අදාළ ප්‍රකාශය නීතිපති දෙපාර්තමේන්තුවට ඊයේ(26 ) සවස ලැබීමෙන් අනතුරුවය.අදාළ සමාලෝචනය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් අනුයුක්ත කර තිබේ. පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්දැයි තමා දන්නා බව, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය…

වසර 11 කට පසුව ශ්‍රී ලංකා පාපන්දුවට තවත් විශිෂ්ට ජයක්
|

වසර 11 කට පසුව ශ්‍රී ලංකා පාපන්දුවට තවත් විශිෂ්ට ජයක්

භූතානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පාපන්දු තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම සමත් විය. ඒ තුරඟ තරග පිටියේදී පැවැත්වූ FIFA සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේදී භූතානය ගෝල 2-0ක් ලෙස පරාජයට පත් කරමින්. එමෙන්ම 2013 වසරෙන් පසුව ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජය ගත් පළමු අවස්ථාවද මෙයයි.

වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය
| |

වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය

2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත අත්හිටුවීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. භාණ්ඩ 64ක් ආනයනය කිරීමේදී පහසුකම් සැලසීම සඳහා තනි සංයුක්ත බද්දක් අය කිරීම පිණිස 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවනු ලැබ ඇත. එම බද්ධ ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති විවිධ ගැටලු හේතුවෙන්…

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
|

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

රටක් සංවර්ධනය කරා ගමන් කිරීමට නම් එම රට තුළ සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය යුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොපමණ සකස් කළත් ඊට අදාළ ලෙස මානව සම්පත කළමනාකරණය නොකළහොත් එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ප්‍රයෝජනයක් ගත නොහැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය. ජාතික…

පෙබ­ර­වා­රියේ පොල්ව­තුර අප­න­ය­න­යෙන් රුපියල් මිලි­යන 3,439ක ආදා­ය­මක්
|

පෙබ­ර­වා­රියේ පොල්ව­තුර අප­න­ය­න­යෙන් රුපියල් මිලි­යන 3,439ක ආදා­ය­මක්

පොල්ව­තුර අප­න­ය­න­යෙන් මෙම වසරේ පෙබ­ර­වාරි මාසය තුළ රුපි­යල් මිලි­යන 3,439ක ආදා­ය­මක් උපයා ගැනී­මට හැකිවී ඇතැයි පොල් සංව­ර්ධන අධි­කා­රිය සඳ­හන් කරයි. පසු­ගිය වසරේ (2023) පෙබ­ර­වාරි මාසය තුළ ද පොල්ව­තුර අප­න­ය­නය කිරීම මඟින් රුපි­යල් මිලි­යන 2,705ක් උපයා ගැනී­මට හැකිවූ බවත් පසු­ගිය වස­රට සාපේ­ක්ෂව මෙම වසරේ පෙබ­ර­වාරි මාසය වන­විට රුපි­යල් මිලි­යන 734කින් අප­න­යන ආදා­යම ඉහළ ගොස් ඇති බවත්…

2024 වර්ෂයේ අවුරුදු නැකත් නිකුත් කරයි
|

2024 වර්ෂයේ අවුරුදු නැකත් නිකුත් කරයි

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් 2024 වර්ෂයේ අවුරුදු නැකත්  නිකුත් කර තිබෙනවා. විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසට එහි සඳහන්. ඊට අදාළ නිවේදනය පහතින්,