පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)
| |

පාර්ලිමේන්තුවේ ප්‍රිමියර් ලීගය හෙට (29)

පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය මාර්තු මස 29 වැනි සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම (PPL) තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය විසින්. එළඹෙන 29 වනදා පෙරවරු 08.00ට පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ වීමට නියමිතයි. කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමය කටයුතු…

වසර 11 කට පසුව ශ්‍රී ලංකා පාපන්දුවට තවත් විශිෂ්ට ජයක්
|

වසර 11 කට පසුව ශ්‍රී ලංකා පාපන්දුවට තවත් විශිෂ්ට ජයක්

භූතානය සහ ශ්‍රී ලංකාව අතර පැවති පාපන්දු තරගයෙන් දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාපන්දු කණ්ඩායම සමත් විය. ඒ තුරඟ තරග පිටියේදී පැවැත්වූ FIFA සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේදී භූතානය ගෝල 2-0ක් ලෙස පරාජයට පත් කරමින්. එමෙන්ම 2013 වසරෙන් පසුව ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව ජාත්‍යන්තර පාපන්දු තරගයක් ජය ගත් පළමු අවස්ථාවද මෙයයි.

ශ්‍රී ලංකාව ලකුණු 325ක් ඉදිරියෙන්
|

ශ්‍රී ලංකාව ලකුණු 325ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. දිවා ආහාර සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 233ක්. ඒ අනුව ඔවුන් බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 325ක් ඉදිරියෙන් පසුවන්නේ කඩුලු 04ක් අතැතිවයි….

වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය යළි ජනතා අයි­ති­යට
|

වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය යළි ජනතා අයි­ති­යට

ක්‍රීඩා සංව­ර්ධන දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රති­පා­ද­න­ව­ලින් ඉදි­කර වසර 4ක කාල­යක් තිස්සේ වසා­දමා තිබූ ගම්පහ වතු­පි­ටි­වල පිහි­නුම් තටා­කය ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් යටතේ ජනතා අයි­තිය වෙත ලබා­දී­මට ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහ­තාගේ උප­දෙස් පරිදි ක්‍රීඩා අධ්‍යක්ෂ ජන­රාල් රියර් අද්මි­රාල් මහා­චාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් කට­යුතු කර ඇත. ඒ අනුව රුපි­යල් මිලි­යන 40ක විය­ද­මින් පිහි­නුම් තටා­කය නැවත ප්‍රති­සං­ස්ක­ර­ණය කොට වහාම ක්‍රියා­ත්ම­ක­වන…

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්
|

ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 3කින් අද ජය ගෙන තිබේ. ලකුණු 287ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 7ක් දැවී සිටියදීයි. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශයේ මුල් පෙළ කඩුලු 4 ලකුණු 130කදී බිඳ වැටුණි.තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක්…

වනිඳුට දඬුවම් නියම වෙයි
| |

වනිඳුට දඬුවම් නියම වෙයි

ඇෆ්ගනිස්ථානය සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස තරගයෙන් අනතුරුව විනය විරෝධීව හැසිරුණු නායක වනිඳු හසරංග හට දඬුවම් නියම කර තිබේ. ඒ අනුව ඔහුට තරග දෙකක තහනමක් සහ තරග මුදලින් සියයට 50ක දඩයක් පනවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. එමෙන් ම වනිඳුට දඩුවම් ලකුණක් එකතු කිරීමට ජාත්‍යන්තර…

තරගයට පෙර දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්
|

තරගයට පෙර දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්

අද (19) දින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇති අතර අනතුරුව පොලීසිය ⁣පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර ඇත….

ICCයේ මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට
|

ICCයේ මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටී. සිය එක්ස් X ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. අයිසීසී මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම සංචාරක ව්‍යාපාරයටද ප්‍රතිලාභ රැසක් අත්වන…

සිම්බාබ්වේ පිල දිවයිනට

සිම්බාබ්වේ පිල දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ. එම තරග සංචාරයේදී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකා පිල සමග එක්දින තරග 3කට සහ 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතය. සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින තරගය ජනවාරි 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට
|

ධනිෂ්ක යළි ක්‍රීඩා පිටියට

SSC ක්‍රීඩා සමාජය විසින් ධනිෂ්ක ගුණතිලකට පනවා තිබු තරග තහනම ඉවත් කර තිබේ. ඒ අනුව ඔහු මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම වෙනුවෙන් හෙට (23) සිට පිටියට පිවිසීමට නියමිතයි.