ලක්ෂ 22 ක්‍ හොරකම් කල හොර සාම්වරයෙකු මාට්ටූ

arrest search

වැලිපැන්න, බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක නිධානයක් තිබන බවත් එය ගැනිම සදහා රුපියල් ලක්ෂ 22 ක මුදලක් සුදානම් කරගන්නා ලෙස දැනුම්දි පසුව පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ තිබු රුපියල් ලක්ෂ 22 ක මුදල හොරකම්කල හොර සාම්වරයෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු පසු ගිය (28 )දා අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.

හිටපු හමුදා සෙබලෙකු, වාදක කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයින් දෙනෙකුද සැකකරුවන් අතර සිටින බව පොලිසිය කියයි. ව්‍යාපාරිකයාගේ නිවසේ භුමි ආරක්ෂාවක් සදහා අසල්වැසියෙකු මගින් සාමිවරයෙකුයැයි කියන පුද්ගලයෙක් ගෙන්වාගන තිබේ. පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවකු ලෙස ප්‍රකාශකර ඇති සාමිවරයායයැයි කියන සැකකරු මිගහතැන්න පොලිස් වසමේ පදිංචිකරුවකු බව පසුව අනාවරණයවී තිබේ.

ව්‍යාපාරිකයාගේ ඉඩමේ විශාල නිධානයක් ඇති බවත් එය ගොඩ ගැනිම සදහා ව්‍යාපාරිකයා සහ පවුලේ සාමාජිකයින් සතියක් මස්, මාළු ආහාරයෙන් වැලකී පුද පුජා කල යුතු බවත්, නිධානය ගැනිමට රුපියල් ලක්ෂ 22 ක පමණ වියදමක් යන බව සාමි වරයා ව්‍යාපාරාකයාගේ නිවස සහ ගෙවත්ත පරික්ෂා කිරිමෙන් අනතුරුව දන්වා ඇත. ඒ අනුව ව්‍යාපාරිකයා සතියක් තිස්සේ පේවී රුපියල් ලක්ෂ 22 ක මුදලක්ද සොයා තබා ඇත.

සතියකට පසු සාමි වරයා තවත් දෙදෙනෙකු සමග පැමිණ මූලික පුජා සිදුකර උපක්‍රමශීලිව ව්‍යාපාරිකයා නිවසින් බැහැරට ගෙන ඇත. ඒ සමගම නිවයේ අල්මාරි ලාච්චුවක තිබු රුපියල් ලක්ෂ 22 ක මුදල හොරකම්කල සාමි වරයා සහ සගයන් පලාගොස් තිබේ. මේ පිළිබදව වැලිපැන්න පොලිසියට පැමිණිළි කිරිමෙන් පසු පොලිසිය සිදුකළ පරික්ෂණවලින් අනතුරුව පසුගිය 28 දා සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය පිළිබද වැලිපැන්න පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු යොදා ඇත.

සෝමරත්න පොද්දෙණිය

Related posts