රන් ආලේපිත කාසි තොගයක් අලෙවිකල ජාවාරම්කරුවන් මාට්ටු

gold

නිධානයකින් හමුවු රන්කාසි තොගයක් බව අගවා රන් ආලේපිත රන්පැහැති කාසි තොගයක් ස්වර් ණාභරන වෙළදාමේ නිරත කෝටිපති ව්‍යාපාරිකයෙකුට අලවිකල මරංචි ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන ඒකකය පරික්ෂණ ආරම්භ කර ඇත.

පුත්තලම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මරංචි ජාවාරම්කරුවන්ට හසුවි රන් ආලේපිත කාසි ග්‍රෑම් 250ක් රුපියල් ලක්ෂ 17.5කට මිලදිගෙන ඇති බව පවසන පොලිසිය ජාවාරම අනුරාධපුර මයිලගස්හංදිය ප්‍රදේශයේදි සිදුව ඇති බව පවසයි.පැමිණිලිකරුගේ මිතුරෙකු මගින් ජාවාරම්කරුවන් දැන හදුනාගෙන තිබෙනා අතර ඔහු රන්කාසි තොගය මිලදි ගැනීමට අනුරාධපුරයට පැමිණ ඇත.

ජාවාරම්කරුවන් විසින් ව්‍යාපාරිකයාට නිධානයකින් හමුවූ රත්තරං ග්‍රෑම් පන්සියක ප්‍රමාණයක් තිබෙනා බවත් රුපියල් ලක්ෂ 50කට අධික වටිනා රන්කාසි තොගය රුපියල් ලක්ෂ 35කට ලබාදෙන බවත් පවසා තිබේ.සැකකරුවන් විසින් ගණුදෙනුව සදහා නියම රන් වලින් තැනූ කාසි කිහිපයක්ම රැගෙනවිත් තිබෙනා අතර පැමිණිලිකරු එම කාසි හයක් කපමින් පරික්ෂාවට ලක්කර තිබේ.

ඔහු විසින් සියළුම රන් කාසි කපා බැලිය යුතු බව ජාවාරම්කරුවන්ට පවසා ඇති අතර මරංචි ජාවාරම්කරුවන් පිරිස සෑම රන් කාසියක්ම කපා බැලීමට ලබාදීමට නොහැකි බව පවසමින් ඔහු සූක්ෂමව රවටා එසේ අවිස්වාශ නම් ග්‍රෑම් 250ක් මිලදි ගන්නා ලෙස පවසා තිබේ.ඊට එකගවූ පැමිණිලිකරු රුපියල් ලක්ෂ 17.5ක් ව්‍යාජ රන්කාසි 486 ලබාගෙන ඒවා එකින් එක පරික්ෂා කරද්දි ව්‍යාජ රන් කාසි බව තහවුරු කරගෙන තිබේ.

අනතුරුව පැමිණිලිකරු අනුරාධපුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කේ.එල් ගීගනගේ මහතාට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

සැකකරුවන් කවුරුන්ද යන්න පොලිසිය තහවුරු කරගෙන නොමැති අතර ඔවුන් ගණුදෙනුව සිදුකළ ස්ථානයේ ඇති වෙළදසැල්වල ආරක්ෂිත කැමරා දර් ශන ලබාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂන සිදුකරනා බව පොලිසිය පවසයි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර් ශන අංශයේ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බණ්ඩාර විජේකෝන් මහතාගේ උපදෙස්මත එම අංශයේ ඒකක එක ස්ථානාධිපති පොලිස් පරික්ෂක බී.එස් චන්ද්‍රසිරි මහතා ඇතුළු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරති.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

Related posts