මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි මීදුමක්

මධ්‍යම පලාතේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල වීශේෂයෙන් සවස් කාලයේ හා රාත්‍රි කාලයේ හැටන් කොළඹ හා හැටන් නුවරඑළිය මාර්ගවල සමහර ස්ථානවල මාර්ගය නොපෙනි යන ආකාරයෙන් විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්ය.

මෙම තත්වයන් මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බවත් එම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර රථ වාහන ධාවනය කරවිමේදි ඉතාමත් පරිස්සමින් රථ වාහන ධාවනය කරවිමට සියලුම රියදුරන් පියවර ගත යුතු බවද තව දුරටත් පවසන ලදි.

Related posts