වන්නියේ තවත් ඛේදවාචයක් – බලධාරීන්ගේ අවධානයට

පුංචි අරෝෂ නිම්සර පුතු වල් අලි ප්රහාරයක් නිසා මියයයි.
කරුවලගස්වැව රජවිගම ගලපිටමඩ විහාරස්ථානයේ ආගමික කටයුත්තක යෙදී සිටින අවස්තාවක මේ වල් අළි ප්රහාරයට ලක්වී ඇත.
රාත්රී කාලයේ කලුවරේම වනයේ සිට පැමිණි ඇතකු විහාරස්ථානයට පැමිණ මෙම ප්රහරය එල්ල කර ඇත.
එහි සිටි පිරිස මෙම ඇතාගේ කඩා වැදීමත් සමග කළබල වී ඇති අතර ඔවුන් ජීවිත ආරක්ශාව වෙනුවෙන් දිව ගියද අරෝශ පුතු මෙම කණගාටුදායක සිදුවීමට ගොදුරු වී ඇත.
අලි මිනිස් ගැටුම නිසා නිරන්තරවම මිනිස් ජීවිත වගේම අලි ජීවිත ද අහිමි වීම කණගාටුවට කරුණකි.
මේ ව්යසනයට ස්ථිර විසදුමක් නැතිවීම නිසාම එදා මෙන්ම අදත් හෙටත් මේ කණගාටුදායක සිදුවීම් සිදුවනු ඇත.
මේ කිසිත් නොදත් පුංචි පුතේ අපිට සමාවෙන්න.
මතු ආත්මයක මෙවන් අකල් මර්ණ නොමවේවා….!!!!
බලධාරීන්ගේ අවධානයට ලක්වේවා.
ආදරණීය දෙමව්පියන්ට නෑදෑ හිතමිතුරන්ට අපගේ බලවත් කණගාටුව පල කරමු..!!!

Related posts

Leave a Comment