අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අතවරයක්

බුත්තල, ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 12ක දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ සැකකරුවෙකු සහ අනුබල දුන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්වූ දැරිය මෙම සැකකරුගේ ඥාති දියණියක් බවත් සැකකරුගේ බිරිඳ විසින් ඇයට යෝගට් එකක් ආහාරයට දී සිය නිවසට ගෙන ගොස් ඇති බවත් වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලේ ගතකර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඔක්කම්පිටිය පොලීසිය විසින් සිදුකරයි.

Related posts

Leave a Comment