ජාත්‍යන්තර ප්‍රජාව එක්වීම අවශ්‍යයි

ලොව පුරා ව්‍යාප්තව ඇති ගෝලීය ආපදාව වෙත ප්‍රතිචාර දැක්වීමට මෙන්ම ඒ හරහා කඩා වැටී ඇති ගෝලීය ආර්ථිකය යළි නගාසිටුවීමේ කාර්යය සදහාද ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒකාබද්ධ සහයෝගීතාවක අවශ්‍යතාව මතුව ඇතැයි චීන ජනපති ෂී ජින්පිං පවසයි.

ආසියා – ශාන්තිකර ආර්ථික සහයෝගිතා සංගමයේ (APEC) ප්‍රධානීන්ගේ හමුවට පෙරාතුව එහි ප්‍රධාන විධායක නිලධාරීන්ගේ හමුව වෙත වීඩියෝ පණිවුඩයක් ඉදිරිපත් කරමින් චීන ජනපතිවරයා මේ බව පවසා තිබේ.

මෙවර APEC සමුළුව මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එය අන්තර්ජාල තාක්ෂණය හරහා සිදුකෙරෙන හමුවක් ලෙස සංවිධානය කර තිබේ.

Related posts

Leave a Comment