සාමය රැගෙන නත්තල උදාවෙයි

ලෝ පුරා දේවස්ථානවල නාදවන සීනු හඬ සමගින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල ඊයේ (24 ) මැදියම් රැයේ උදාවිය.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සහභාගිත්වයෙන් අද (25 ) පෙරවරු 8.30ට බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදීද දේව මෙහෙයක්ද පැවැත්වේ.

මෙම දේව මෙහෙයන් රූපවාහිනී නාළිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

සාද සහ උත්සවවලින් තොරව නිවසේ සාමාජිකයන් සමග පමණක් නත්තල සමරන ලෙස කිතුණු භක්තිකයන්ගෙන් ඉල්ලීමක් කරන කාදිනල් හිමියෝ කොවිඩ් වසංගතය නිසා අසරණව සිටින නැති බැරි ජනතාවට උදව් උපකාර කිරීමට මෙවර නත්තල යොදා ගන්නා ලෙසද ඉල්ලා සිටිති.

 

Related posts