ජූරි සහ චූලාට ඇප

chula

ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගයේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වාගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිද්ධියට අදාළව ලෝක විවාහක රූ රැජන කැරොලයින් ජූරි හා නිරූපිකාවක වන චූලා පද්මේන්ද්‍රන් යන අය කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළ සියලුම පාර්ශ්වයන්ට කුරුඳුවත්ත පොලිසිය හමුවේ ඊයේ (08) පෙරවරුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුණි.

ඒ අනුව මෙම සිද්ධියට අදාළ පැමිණිලි කළ පාර්ශ්වය වන විවාහක රූ රැජන කිරුළ හිමි පුෂ්පිකාද සිල්වා, අදාළ තරගයේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් කුරුඳුවත්ත පොලිසිය හමුවේ පෙනී සිටි අතර ඔවුන්ගේ ප්‍රකාශ එහි දී සටහන් කරගෙන තිබුණි.

කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන්  දෙදෙනා පොලිස් ඇප මත මුදා හැරුණු අතර ඔවුන්ට මෙම 19 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරනාත් සමරකෝන්ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙයි.

Related posts