පොල් කඩනවාද අමතන්න! වයිබර්, මුහුණු පොත,ඊ මේල්, වට්ස්ඇප්, ඉමෝ

පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල්……ලංකාවෙ වතුවල වැවෙන පොල් යැයි ලස්සන ගීතයක් තිබේ.මේ දිනවල පොල් මිල ඇසු විට එලෝ පොල් පෙනේ. පොල් මිල පාලනයට ගැසට් නිවේදන ගසන කාලයක පොල් මිල නියම කරන්නේ වෙනදා මෙන් නොව පොල් ගොඩිය මැනලාය.පොල් සම්බන්ධව ඇමති කෙනෙක් ද ඇති රටක අපි මේ පවසන්නේ පොල් කඩන මිනිසුන් ගැනය.

ඉස්‌සර පොල් කැඩුවේ ගහින් ගහට නඟිමින් ය. අදත් එහෙම සිදුකරන පිරිස් දැකිය හැකිය. එහෙත් විශාල පොල් වතුවල නම් පොල් කෙකි භාවිතා කර පොල් කඩනු ලැබේ. අද කුඩා ගෙවතුවල පවා පොල් කඩන්නේ ගහට ගැලාය.

නැතිනම් කෙක්කෙන්ය.ඒ පොල් ගස් අය අය අඩු නිසා අද කෙක්කෙන් පොල් කඩන සෙයක්ද දැකිය හැකිය.පොල් කැඩීම සඳහා විවිධාකාර වූ යන්ත්‍ර,උපකරණ ලොව පුරා නිමවා ඇතත් ඒ එකක්‌ වත් තවම ප්‍රායෝගිකව මිනිසුන් විසින් භාවිත කෙරෙන මට්‌ටමට පැමිණ නැත.

ඒ නිසාම අදටත් එදාමෙන්ම පොල් කඩන මිනිසුන්ගේ සේවය නැතුවම බැරි වී තිබේ.පොල් කඩන මිනිසුන්ගේ රස්සාවට විකල්පයක් ලෙස සකස් කරන යන්ත්‍ර නිසා පොල් ගස් වලට ගොඩවෙන පොල් ගස් නගින පිරිවලට මේවන විට ත් කිසිදු බාධාවක් නැත.

ඒ අනුව, පොල් කඩන මැසින්ද එසේම සමාජ ගත ව නැත.මේ නිසා අද වෙනදාටත් වඩා ගස් ගෙඩි කඩන නැතිනම් පොල් කඩන අහිංසක මිනිසුන්ගේ අවශ්‍යතාවය ඉහළ ගොස්ය. ගස්ගෙඩි ගඳ වහනයවන මේ අහිංසක මිනිසුන් ජීවිතය පරදුවට තබා අහස උසට එසවී ඇති ගස් වලට බඩ ගාන්නේ ජීවත් වන්නටය.

ගෙඩි කැඩිම අතු කැපීම නැමුනු ගස් ඇද බැඳීම අනතුරු සහිත ගස් කපා ඉවත් කිරිම ඩිම ඉඳන් පොළවේ සිට කියන්නට හැකි නමුත් ගස් රස්සාව කරන පිරිස්වලට නම් එය පහසු නොවේ. සමහර විට ගහෙන් බිමට වැටි ජීවිතය අහිමි වන අවස්ථාවලින්ම ගස් නගන මිනිසාට තම රැකියාව ද ජීවිතයද කෙළවර විය හැකිය.

මේ අනතුරු සහිත රස්සාවට විකල්පයක් වශයෙන් පොල් කඩන යන්තර සකස් කළ ද ඒවා එතරම් අදවනවිට ජගත වී නොමැත.

ගස් බඳින්නට රට පුරා ගමන් කරන මිනිසුන් පිළිබඳවයි.තුවක්කු බැඳ මස් වැද්දන් සිදු කරන හිංසක කටයුත්තට වඩා මේ තරණයන් ගස් බැඳ සිදු කරන රස්සාව අගනේය.අතීතයේ දි පා ගමනින් ගොස් බැලගෙඩි කැඩු යුගය අවසන්ව වී අදවන විට පොල්කඩන ගස් කපන,අතු පාහින කපන අන්තරාදායක ගස් ඉවත් කරන අස්සාව සිදු කරන්නේ වාහනවලින් ගොස්ය.

එම වාහන ජංගම වාහනයි. ඒ තුල මෙම රස්සාවට අවශ්‍ය සියලුම උපකරණ වලින් සමන් විතව ඇත. නව තාක්ෂණයද උපකරණද මේ තුරු අහිමි වු තුරු මුවෝ තුරු මුදුන්වලට ගොස් තුරු සේවා කරන තුරු වුවන්ගේ කතාන්දරය සන්තකයේ ඇති බව දැකිය හැකිය.

මේ අය මේ වන විට ලංකාව පුරා තම තිරෝද , යතුරු පැදි ඩිමෝ වාහන ආදි රථවලින් ගමන් කරමින් මේ රස්සාව සිදු කරති. කම්බි දමා අනතුරු දායක ගස් ආරක්ෂිත ආකාරයට බැඳිම ආදි කොට ඇති මේ රස්සාව සිදු කරන පිරිස් වතුපිටි සුන්ද පවිත්‍ර කිරීෘම, ලිං ඉසීම, වහළ වල තෙමෙන තැන් සකස් කිරීම ආදි අමතරවරඩද සිදු කරන්නට තරම් දක්ෂයෝවෙති.

පොල් කඩන්නට නිවසකට පැමිනි පිරිස් එයට අමතරව වෙනත් සුළු සුළු කටයුතද සිදු කර ඒ සදහා මිල ගනන් අය කර ගන්නා බවට අපට හමු වු උස් තැන්වල සිටින මිනිසුන්ගේ ගස්වල නිවෙස්වල විවිධ මෙහෙවර සිදු කරන පොළවේ සිටින නමුත් ගස් අතු අතරේ මුහුනේ කටයුතු කරන මිනිසුන්ගේ කතාව සත්තකින්ම අහිංසකය සුන්දරය.මෙම සේවාව නැතුවම බැරිය.

අනාදිමත් කාලයක සිට මේ ආකාරයෙන් ගමින් ගමට නගරයෙන් නගරයට තම තිරෝද රථයෙන් ගමන් කරමින් ගස් ගෙඩි කැඩීම,අනතුරුදායක ගස් බැඳීම රැකියාවක් වශයෙන් සිදු කරමින් සිටිති.

තිරෝද රථයේ සවිකරන ලද කුඩා ස්පීකරයක් මාර්ගයෙන් ගස් බැඳිනවා.අතු කපනවා. වහලට අනතුරුදායක ගස් ඇඳලා බඳිනවා.යැයි ප්‍රචාරය කරමින් ගමන් ගන්නා වු මොවුනගේ ගම කෑගල්ල,මාවනැල්ලයි. මැවනැල්ලේ සිට මෙම ගමන මොවුන් ආරම්භ කරන්නේ මෙයට වසර 10ක කාලයකට පෙර දීය.

සම්පත් උදය කුමාර වයස 26 කි . කෑගල්ලේ මාවනැල්ල ගමේ පදිංචිව සිටින හෙතෙම මෙසෙ පැවසීය.

පොල් කඩන රස්සාව විතරක් නොවෙයි අප සිදු කරන්නේ.නිවසකට හෝ ඉඩමකක හෝ අවහිර ස්ථානයක තිබෙන ගස් අපි ආරක්ෂිතව ඇඳලා බඳිනවා.හොටල්වල හෝ ගෘහ අලංකාර සිදු කරන ස්ථාවල ද නිවාස අසල නිවස ගෙවත්ත,හෝටලයට ලස්සන ගෙන දෙන ආකාරයට ගස් ඇඳලා බඳිනවා. උණ පඳුරු වැනි පඳුරු සහිත ගස් ද මේ ආකාරයට ලස්සනට සකස් කර ඇඳලා බදිනවා.

ඕනෑම ගසක් ඇඳලා බදිනවා. මිල නියම වන්නේ ගසේ සිට පොලවට දුර අනුවයි.එය අපි කම්බි වලින් තමයි සිදු කරන්නේ. කම්බි යාරයකට රුපියල් 280 සිට රුපියල් 320 දක්වා මිල ගණන් අය කරනවා.ගස් නගින එක ගස් බඳින එක ගස් ඇඳලා බඳින එක ලේසි පහසු කටයුත්තක් නොවන බව සම්පත් තරුණ යා පවසයි.

හෙතෙම පවසන පරදි අපි නිවසකට අවහිර අනතුරු දායක ගස් ඇඳලා බදිනවා.අපි මේ රස්සාව කරන්න ලංකාවේ හැම තැනකම ගොස් තියනවා. දැනට නොගිහින් තියෙන්නේ යාපනයට විතරයි.අනෙක් සෑම පළාතකටම දිස්ත්‍රික්කයකටම අපි මේ තිරෝද රථයෙන් ගිහිල්ලා ගස් ඇඳලා බැඳලා මේ රස්සාව කරනවා.

අපි තමයි ලංකාවේ රටපුරා වාහනයකින් ගොස් ඕනෑම ස්ථානයක ගස් ඇඳලා බඳින රස්සාව මේ ආකාරයට සිදු කරන්නේ. ගසේ උස අනුව තමයි මිල නියම වන්නේ. අනෙක තමයි.ගෙවල් කිහිපයක් අතර තිබෙන ගස් වැටට මායිමකට තියන ගස්,අනතුරුදායක ආකාරයට විදුලි රැහැන් අසල තිබෙන ගස් ආදි වශයෙන් අසීරු අමාරු තැන්වල තිබෙන ගස් ඇඳලා බදින්ට ගියාම තමයි මහන්සිවන්න සිදු වන්නේ.

ගසේ උඩ සිට පොලවේ හෝ වෙනත් ගසක ස්ථානයක හෝ යම් ස්ථානයක ගස් ඇඳලා බදින්න ආකාරයට තමයි මිල නියම වන්නේනේ. යාරයකට මුදල් වශයෙන් මිල නියම වෙනවා.මේ රස්සාව සමහරු අපෙන් කරවාගෙන සල්ලි නොදෙන අවස්ථාද තියනවා.සමහරු අපිව අමාරුවේ දමලා රස්තියාදු කරන අවස්ථාද තියනවා.

අපි මේ රස්සාව අපටන් ගත්තේ වසර 10 කට පෙර මාවනැල්ල ප්‍රදේශයෙන්.පසුව ඉල්ලුම වැඩි උන නිසා අපි දැන් රටපුරාම යනවා.අපි මේවන විට විශාල ගම් ප්‍රමානයකට ගොස් තිබෙනවා. ලංකාවේ දැන් සාමය තියන නිසා අපි අද හෙටම යාපනයෙත් මේ රස්සාව කරන්න යනවා. අපි අපේ දුරකතන අංකය තිරෝද රථයේ ප්‍රදර්ශනය කර ගස් ඇඳලා බඳිනවා කියලා සටන් කර තියනවා.

ඒ අනුව තමයි ගස් බඳින රස්සාවට ඇනවුම් ලැබෙන්නේ.පොල් කඩන එකද ගෙදර වෙනත් කටයුතු වුනත් අපි සිදු කරනවා. ළිං ඉසින වැඩේ ගෙවතු අලංකාර කිරීම, වහළ වැහි පිහිළි සකස් කිරීම, බිම වැඩ,උඩ වැඩ ආදි කොට ඇති දේවල් තණ කොල කැපිම ආදිය ද මේ ආදි විවිධ දේ අපි සිදු කරනවා. මිල නියම වන්නේ රාකාරියේ ස්වභාවය. මතයි හෙතෙම කියයි.

කෑගල්ලේ මාවනැල්ලේ සිට පොල් කඩන. අතු කපන, තණ කොල කපන ගස් ඇඳ බඳින රස්සාව කරමින් එන ගමනේ දී ගාල්ලේ දී අපට හමු වු මංජුල කුමාර 30 වන වියේ පසුවේ. මේ හෙතෙම අපට කී කතාවයි.

අපේ මේ දුරකතන අංකයට කතා කළාම අපි ඒ අදාළ ස්ථානයට එනවා රැයද,දවලාද, උදයද කියලා වේලාවක් නෑ.රස්සාව කරනවා.අපි තරුණ උනාට අපිට මේ රස්සාව කරන්න ලැජ්ජ නෑ. අපි කාටවත් කරදරයක් නොමැතිව මේ රස්සාව සිදුකරනවා.මුලින්ම ගස් ඇඳලා බඳින්ට අපි ගියේ පා පැදියෙන්.පසුව,ඈත ගම්වල නගරවල වැඩ ලැබුනු නිසා අපි පා පැදියෙන් ගියා ඊට පස්සේ තමයි.

අපි යතුරු පැදියෙන් තමයි ගස් බඳින රස්සාව කරන්න ගියේ.දැන් තමයි මේ තිරොද රථයෙන් යන්න පටන් ගත්තේ.අපි අපිට ලැබෙන දුරකතන ඇමතුන් අනුව සැලසුම්කර ගමන් මාර්ගය තෝරා ගන්නවා.සකස් කර ගන්නවා.

අන්තර්ජාලය,වයිබර්,ටීටර්, මුහුණු පොත,ඊ මේල්,වට් සැබ්.ඉමෝ ආදි නවතම තාක්ෂණය ද ඇතිව අපි සම්බන්ධ කර ගත හැකියි. නැතිනම් අපි අපේ වාහනයේ අපිව සම්බන්ධකර ගන්න හැකි දුරකතන අංකය සඳහන් කර තිබෙනවා.

සමහර විට අපි කෑගල්ලෙන් ආරම්භ කරලා කොළඹ,කළුතර,ගාල්ල,මාතර,අකුරස්ස හම්බන්තොට ආදි වශයෙන් දුර ගෙවාගෙන යළිත් කෑගල්ලටම ගමන් කරනවා.

අපි අපේ කෑගල්ල,ගම්පලාතෙන් මැවනැල්ලෙන් පටන් අරගෙන සමහර විට අපේ ගමන් වාරයක මාස දෙක තුනක් කාලය ගත වනවා. හිතවත් අයගේ ගෙවල්වල රෑට නිදිය ගන්නවා. නැතිනම් පන්සල් වල හරි තිරෝද රථයේම හරි රෑට නිඳිය ගන්නවා. පසුව දා උදයෙන්ම අවදි වී අපි ගස් බඳින අපේ රස්සාවට පොල් කඩන රස්සාවට යනවා.හරිම සතුටින් මේ රස්සාව සිදු කරනවා.

බඳින්න උවමනානම් ඔබටත් කතා කරන්න අංකයක්ද හෙතෙම සඳහන් කර යි. ඒ ගස් බඳින්නට පමණි.වෙන බැඳීමකට නම් නොවේ.ඒ දුරකතන අංකය මෙසේය.0774800532 වේ. නිවසට අනතුරුදායක ගස් කඩා වැටීම නිසා සිදුවන අනතුරු ගැන අපි දනිමු.මේ නිසා සිදුවන විනාශය සමහර විට දේපලවලට පමණක් සීමා නොවී ජීවිතද බිලිගත් අවස්ථා ඇත.

මේ නිසා ගස් ඇඳ බැඳ රස්සාව සිදුකරමින් සිදුකරන සේවාව පොල් ගිනි ගනං කාලයේ මේ ආකාරයට රටපුරා ගමන් කරන මේ තුරු මුවන් අගය කළ යුතුව ඇත.කාටවත් අතනොපා ජීවත්වන්නට සටන් කරන මේ දිරිය තුරුණ තරුණයන්ට අපි සහයේගය දිය යුතුව ඇත.

මේ තුරු වුවන් පවසන පරිදි ,ගසක ඵල නෙළිය යුතු සේම එම ගසේ අනවශ්‍ය අතු ආදිය නිසි වෙලාවට කපා ඉවත් කළ යුතුයි. එසේ කිරීම තුළින් ගසේ වර්ධනය ක්‍රමවත් වන අතර ගසට හොඳ පෙනුමක්‌ද ලැබෙනවා. කලකට පෙර නම් අපේ ගමේ ගොඩේ උදවිය තම ගෙවත්තේ ඇති ගස්‌වල භව භෝග අස්‌වැන්න තමාම කපා නෙලා ගෙට ගත් අතර වත්ත විශාල නම් උස ගස්‌ වර්ග වැඩි ප්‍රමාණයක්‌ ඇත්නම් ගමේ වෙසෙන කාට හෝ කියා තම වතු පිටිවල වැඩ කරගැනීම සිරිතක්‌ව තිබුණි.

ඉඩම් හිමි ධනවතුන් තම වත්ත පිටිය බලා ගැනීමටත් ගෙඩි කඩා ගැනීමටත් පෝර දමා ගස්‌ වැල් නඩත්තු කිරීමටත් මාසික වැටුපකට සේවකයෙක්‌ හෝ සේවක පිරිසක්‌ තබාගැනීම එදා සිදු කළා අදත් සමහර ඉඩම් හිමියන් මේවා සිදු කරනවා.නමුත් අද එහෙම දිනපතා කුළි පදනම මත සේවා සිදු කරන පිරිස් වතු හිමියන් සිදු කරන්නේ නෑ.ඒ නිසා පොල් ඉඩම්වල පොල් කඩන මිනිසුන් හා පොල් කෙක්කෙන් අපි මේ කටයුත සිදු කරනවා ඔවුන් පවසති.

මහත්තයාට කියන්න එදා නගරයේ හෝ නගරයට ආසන්නයේ පිහිටි ගෙවතුවල ඇති ගහක ගෙඩියක්‌ කඩා ගැනීමට හෝ වැඩිපුර අත්තක්‌ ඇත්නම් එය කපා ගස පිරිසිදු කිරීමට නම් නාගරිකයාට මහත් ගැටළුවක්‌ව වි තිබුනා.අදත් එහෙමයි. ඒ නිසා අපි ඉඩම් හිමියාගේ අවශ්‍යතාවය මත සියල්ලම සිදු කර දෙනවා.

එදා ගහකට නගින්නට හැකි තම දුප්පත් නෑයෙක්‌ මිතුරෙක්‌ හෝ කුලීකාරයෙක්‌ හමු වන තුරු ඔවුන්ට ඉවසිල්ලෙන් සිටීම හැර වෙන විකල්පයක්‌ නොවීය. එසේම ගස්‌ කැපීමට හා අතු කප්පාදු කිරීමටම හැකියාවක්‌ ඇති අය ඉතා විරලයි.

නගරාසන්නයේ දිළිඳු ජන ප්‍රජාවන් වාසය කළ අතර ඔවුන්ගෙන් එකෙකු අල්ලා තම වැඩය කර ගැනීමටද නාගරික මධ්‍යම පාන්තික වැසියෝ පුරුදුව සිටියහ.නමුත් අද මේ රස්සාවසිදු කරන පිරිස් අඩුයි. විස්වාසයක් ඇතිව අපි මේ රාජනාරිය සිදු කරනවා. දුරකතන අංකය පවා අපි දෙනාව . නවතම ස්මාට් දුරකතන අප සතුයි මේ නිසා ඉඩම් හිමියාගේ නිවසට එන පාර අපි ගූගල් තාක්ෂණයෙන් සොයා ගන්නවා.

මේවන විට ,ගමෙන් ගමට නගරයෙන් නගරයට ඇවිදමින් අතු බාන පොල් කඩන ස්‌වාධීන ජංගම සේවක පිරිසක්‌ ලෙසයි අපි කටයුතු කරන්නේ ඔවුන් පවසයි.පොල් කඩන සහ අතු බාන අය සමාජයට ඉතා විශිෂ්ට සේවාවක්‌ අපි සිදු කරනවා.අඩු මුදලක්‌ අය කළ ද එය ඇත්තටම මිල කළ නොහැකි සේවයක් වෙනවා.අද සමාජයේ බොහෝ දෙනකුට අපගේ අගය වෙනදාට වඩා අද වටිනා කම දැනෙනවා.

අපේ කතාන්දරයේ පොල් කඩන මිනිසුන්,අතු බානවා…… පොල් කඩනවා…… ඒ ඇසෙන්නේ ඔවුන්ගේ සුන්දර මිහිරි අඳෝනාවයි. අපි විශේෂයෙන්ම සෙනසුරාදාට ඉරිදාට සහ පෝය වැනි වෙනත් විශේෂ නිවාඩු දාට මෙසේ කියමින් පාර දිගේ යන අය නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල නිරන්තරයෙන් ගමන් කරනවා.දැන් වාහනවල කුඩා ස්පිකරභභාවිතා කරගෙන වාහනයකනින් තිරොද රථයකින් පැමිණ මේ ආකාරයට පොල් ඉඩම්වල පොල් කඩන රස්සාව ආදි දේ අපි සිදු කරනවා.එය අද මේ යුගයේ සිපිරි රැකියාවකි. සත්තකින්ම අත්‍ය වශ්‍ය වු රැකියාවක් බවට පත්ව තිබෙන බව ඔවුනගේ අදහසයි.

ඒ කාලයේ නම් පොල් ගසකට නැග එහි ගෙඩි කඩා වියළි අතු ඉවත් කර හණසු ආදිය ගලවා ගසේ සියලු වතාවත් කිරීමට ගස්‌ නගින්නකු අය කලේ රුපියල් දහයක්‌ හෝ ඊටත් අඩු මුදලකි. එම මුදලට අමතරව ඔහුට ගසේ අයිතිකරුගේ කැමැත්ත මත පොල් ගෙඩියක්‌ (බැල ගෙඩිය)හෝ වෑවරයක්‌ ලැබේ. එකල හොඳම පොල් ගෙඩියක්‌ වැඩිම වුණොත් රුපියල් පහකි දහයක් උනා නමුත් අද තත්ත්වය එසේ නොවේ.

අද පොල් කඩන්නකුට ගසකට නැගීමට අවම වශයෙන් රුපියල් 100 ක්‌ දිය යුතුය. සමහරුන් රුපියල් එකසිය පනහක්‌ අය කරයි. මෙසේ ඔවුන් මුදල් කියන්නේ පොල් පැහිලද බලා පැහී ඇත්නම් වල්ලක්‌ දෙකක්‌ බිමට බෑමට පමණි. වේලිච්ච අතු ඉවත් කොට හනසු ගලවා ගස සුද්ධ පවිත්‍ර කිරීමට නම් තවත් රුපියල් එකසිය පනහක්‌ වත් දිය යුතුය.

සමහරු පැකේජයක්‌ ලෙස සම්පූර්ණ ගසටම මුළු වැඩේටම එකවර ගාණක්‌ කියති. එය රුපියල් තුන් සියයේ සිට පන්සියය, හත්සිය දක්‌වා ඉහළ යයි. ගසේ ඇති සියලු පැහුණු ගෙඩි කඩා පරිස්‌සමින් බිමට බෑම වේලුනු අතු සහ දිරාගිය දේ ඉවත් කිරීම යන වැඩ රාජකාරි මේ පැකේජයට අයිතිය.

කොහු ලණු වලින් තැනූ කඹයක්‌,රෙද්දෙන් අඹරන ලද වළල්ලක්‌ අතින් අරන් කුඩා පිහියක්‌ද ඉනේ ගහගෙන පොල් කඩන්නට ගස්‌ නගින්නට ගම වටේ යන වාහන තළ අවශ්‍ය වු සියලුම උපකරණ අප සතුව තිබෙනවා.කැත්ත උදැලුල, කියත්, ලණු,කඹ, කමිබී ආදිය සියලුම උපකරණ ද අප සතුව තිබෙනවා.

මහත්යාට කියන්න අපිට විවිධ නම් වලින් තමයි ඉඩම් හිමියෝ අපිව මතක තබාගෙන ඉන්නේ.පොල් කඩන අතු බාන අයට විවිධ නම් වලින් ගම්වල අය කියනවා.පයිලට්‌ සරා,රොකට්‌, පොල් සුදා,අතු බාන මාටිං. අහස්‌ ගුංඩුව වැනි නම් ඇති අය ඕනැම ගමක සුලබ චරිත වෙයි.

පොල් කඩන පිරිස් කෙසේ හෝ පාරවල් ගානේ ඇවිද කාගේ හෝ ගසකට නැග පොල් වල්ලක්‌ දෙකක්‌ බා දෙනවා.නිවාඩු දිනවල තමා එනතුරු පොල් ගස්‌ හිමි නිවැසියෝ බලා සිටින බව ඔවුන් විශ්වාස කරයි. ගහක පොල් කැඩු පසු ඊලඟ පොල් මුරයේ දි පොල් කඩන දිනය පිළිබඳව වතු හිමියාට වඩා පොල් කඩන මිනිසුන් දැනිති. එය වෙනදා මෙන් නොව දුරකතන මාර්ගයෙන් අදාළ ඉඩමේ හිමිකුරුට පවසන්ට තරම් අද පොල් කඩන්නා තාක්ෂණයෙන් සමත්විත වී ඇත. අපි සතුව ලංකාවේ සියලුම ජනතාව භාවිතා කරන සමාජ ජාල තියනවා. අන්තර්ජාලය, වයිබර්,ටීටර්, මුහුණු පොත,ඊ මේල්,වට්සැබ්,ඉමෝ ආදි නවතම තාක්ෂණය ද ඇතිව අපි සම්බන්ධ කර ගත හැකියි.

ගස්‌වලට නැග ගෙඩි කඩා ගස්‌ සුද්ධ කර අතු බා දිගුකාලීන අත්දැකීම් ඇති අයට ක්‍ෂේත්‍රයේ කියන්නේ ගස්‌ බාස්‌ලා කියායි,බාස්‌ කෙනකු යනු වැඩ්ඩෙකි. ඔහුට බිම ඉඳන් ගහේ ඇති පැහුණු වලු ගාණත් ළපටි වලු කඩන්නට නැවත ආ යුතු දවසත් ටක්‌කෙට කිව හැකිය. සමහරු ගෙඩි කඩා ගස සුද්ධ කිරීමට අමතරව පෝර දැමීම,බද්ධ කිරීම,ගස්‌ වල අපල නැසීම,මීයන් කුරුමිනියන්ට බෙහෙත් ගැසීම. මුල් කප්පාදුව, කඳේ නයා ඇඳීම, ඇලවුනු ගස්‌ කෙලින් කර කම්බි ඇද බැඳීම, මැරුණු හෝ අනවශ්‍ය ගස්‌ කුට්‌ටි කර කපා ඉවත් කිරීම ආදි සියලුම දේ අපි සිදුකරනවා.ඒවාට අය කරන ගණන් ඉහළයි.මේ සියල්ලම අපේ පොල් කඩන ඇත්තෝ හොදින් සිදු කරති.

සත්තකින්ම දැන් පොල් ගස්‌ බාස්‌ලාට ජංගම දුරකථන යතුරු පැදි ස්‌මාර්ට්‌ පෝන්ද තියනවා.සමහර අයට ඒවා නැ. පෝන් තියනවානම්,පොල් ගස වඩාත් උසයි නම් ඔහු ගසට නැග ගසේ සිට තම ජංගම දුරකථනය හරහා පනිවුඩ මගින් ගස මුල සිටින ඉඩම් හිමියා සම්බන්ධකර ගන්න හැකිය.මේ අනුව, බොහෝ විට පහළ සිටින අනිත් පැත්තේ ග්‍රාහකයා වන්නේ ගෙදර නෝනා හෝ මෙහෙකාරියයි. පැසුනු වලු ගණන,බාන අතු ගණන,ඉවත් කල යුතු හණසු ප්‍රමාණයට අමතරව මල් කැඩීම, මේ සියලුම අපි සතුව තිබෙනවා යැයි මේ ජංගම වාහනවලින් ඉගිල යන පොල් කඩන තුරු වන් කියන කතාන්දරයි.

අපේ කතාන්දරයේ කතා නායකයන් පවසන පරිදි මේ රස්සාව සිදුකරන විට විවිධ අනතුරුද ඇති වෙනවා.ගස් ලිස්සා පය ලිස්සා ඇඳ වැටීම, ගසේ සෙවල බව විවිධ සතුන් ගස්වල සිටින විෂ සහිත සතුන් ද දෂ්ඨ කරන අවස්ථා ද තිබෙනවා.ගරුඬෙකු හෝ පොල් කුරුමිණියකු විසින් දෂ්ට කළ අවස්ථාද තියනවා. සමහර විට අතපය ලිස්සා පොල් ගසෙන් බිමට වැටෙන අවස්ථා ද තිබෙනවා.

එවිට පොල් කඩන මිනිසාගේ ජීවිතය ඉන් නිමාවට පත් වේ. පිහියට අතේ දඹරැඟිල්ල කැපී ලේ වහනය වන අවස්ථාද තිබෙනවා. එය එසේ නම් දිනපතා ගස්‌ නගින අතු බාන කෙ‍ක්කෙන් හෝ ගස්වලට නැග පොල් කඩන මිනිසුන්ගේ ජීවිතවල කටුකභාවය දුක වේදනාව කෙසේ යෑයි ද මෙය කියවන ඔබට සිතා ගත හැකි වනු ඇත.

පොල් කඩන අතු කපන කෙක්කෙන් හෝ ගස් නැග පොල් කඩන අතු කපන ගස් බඳින මිනිසුනගේ ජීවිත එතරම් සුන්දර නැත.බහුතරයක්‌ පොල් කඩන්නන්ට හරියට ඉන්න හිටින්නට තැනක්‌ නැත. අම්මෙක්‌ අප්පෙක්‌ හෝ හරි හමන් නෑදැයෙක්‌ නැත. ඔවුන් අහුවුණ තැනක ළඟී. අහුවුණ දෙයක්‌ බඩට දාගනී.

පොල් කඩන මිනිසුන් බත් කන්නේ නැත. රැ කාලයේ එක් වේලක් බත් කෑවද උදය දහවලට කෑමට ගන්නේ පාන් හෝ බනිස් වැනි සැහැල්ලු ආහාර යකි මහත්යාට කියන්න බත් කෑවම බර වැඩියි ගස් නගින්න බෑ. ඒ නිසා තමයි අපි මෙහෙම බර අඩු සැහැල්ලු ආනාරයක් ගන්නේ. බීඩියක් හෝ සිකරැට්ටුවක් නම් මේ පොල් කඩන මිනිසුනගේ අතේ කටේ හෝ කණේ ගැට්ටේ තිබෙන දැකිය හැකිය.

පොල් කැඩීම හෝ අතු බෑම ඔවුන් කුඩා කල ප්‍රාර්ථනා කළ හෝ පෙරුම් පුරාගෙන ආ ජීවන වෘත්තිය නොවේ. තමාගේ දුර්වලකමකට හෝ විෂම දුෂ්ට සමාජයේ අසාධාරණයකට ලක්‌ව එය ඔවුන්ට ලැබුණු අවාසානාවන්ත වෘත්තියකි. ජීවිතයට ඇත්තේ මහා අවදානමකි. කොයි වෙලේ ගහකින් ඇදවැටී කොන්ද කැඩී සුෂුම්නාවට හානි වී අතක්‌ පයක්‌ කැඩීමෙන් නොනැවතී ජීවිතක්‍ෂයට පත් වෙන්නට ද ඇති ඉඩකඩ ඉතා වැඩිය.

එසේ සදාකල් අබ්බගාතයන් බවට පත් වූ අය ද බෙල්ල කැඩී මොළයට හානි වී හදවතේ උල් ඇනී ජීවිතයට සමුදෙන්නට සිදුවූ පොල් කඩන්නන්ගේ අවසානය සමහර විට එසේ නිමාවට පත්වන අවස්ථාද නැතුවා නොවේ.

පොල් කඩන අතු බාන ගස්‌ නගින සමහර අයගේ සෞඛ්‍ය තත්ත්වය ද ඉතා විෂමය. දූෂිතය. සමතුලිත නැත. අපිරිසිදුය. අපිළිවෙලය. ඔවුන්ගේ අත්වල කරගැට හැදී ඒවා අත්ලටම රෙජිස්‌ටර් වී ඇත. එම දෑත් නොම්මර බින්දුවේ වැලි කඩදාසි කොළවලටත් වඩා ගොරෝසුය. කොස්‌කටු මෙනි.

ගසට නගින්නට යොදා ගන්නා රෙදි හෝ ලණු වළල්ල නිතර දෙපයට දමා ගන්නා නිසා දෙපයේ වළලුකර ඉතා රළුය. තුවාල වීම නිසා සමහරුන්ගේ වළලු කර අසල ලේ හෝ හැරව ගලයි. දෙපයේ විලුඹ ගොරහැඩිට ගල්තැලුම් හෝ ඊට වඩා භයානක ලෙස පතුලේ තුවාල සහ ගැට මතුවී තිබේ.

ගස් ගෙඩි කඩන අයගේ ලඟ හමුන ගස් ගඳ ද පොල් කඩන මිනිසුන්ගෙන් වහනය වේ.අප දන්නා පරිදි ගස්‌ නගින්නකු වෙතින් මහත් අපුල ගඳක්‌ නිතර හමයි. සමාජයේ අය එයට කියන්නේ ගස්‌ ගඳ කියායි. එම ගස්‌ ගඳ නිසා ඔවුන් සමාජයෙන් කොන් වෙයි. නිවසක්‌ ඇත්නම් එහිදී පවා ඔවුන්ට ලැබෙන්නේ නියම තැන නොවේ. ගස්‌ නගින්නකු වෙතින් එන ගස්‌ ගඳ සිරුරෙන් ඉවත් කිරීම ඉතා අසීරුය.

කොතරම් නෑවත් වරු ගණන් ගඟේ දොළේ බැස ගිලී සිටියත් සති ගණනක්‌ යන තුරු එම ගස්‌ ගඳ සිරුරෙන් පහව යන්නේ නැත. මේ සැබෑ යථාර්ථය මිස ඔවුන්ට අප කරන අපහාසයක්‌ නොවේ.එය සත්‍යකතාන්දරයකි.දුක්‌ විඳිමින් පොල් කඩන රස්‌සාව හෝ පොල් කඩන්නාගේ ජීවිත අයත් අමාත්‍යාංශයට නැති වුවද පොල් සම්බන්ධයෙන් ඇමති වරයෙක් වත් ආණ්ඩුව පත් කර ඇත්තේය.

කොතරම් ඉහළට ගියද කිසිදු දිනක තනතුර උසස් නොව රස්සාවන් අතරේගත් කළ කෙක්කෙන් හෝ වළල්ලෙන් හෝ නියවලල්ලෙන් හෝ පොල් කඩන රස්සාව සිදුකරන අතු කපන,ගස් බඳින රස්සාව සිදුකරන අහිංසකයෝ ද පොල් මිල මෙන් මිල අධික නොවු සේවාවක් ලබාදෙති. පොල් ගැන කතා කරන රටේ පොල් කඩන රස්සාව සිදු කරන මිනිසුන්ද මිනිසුන් බව අප සිහිතබාගත යුතුව ඇත.

සටහන හා ඡායාරූප – බෝගහගොඩ – ඒ.ඩබ්ලිව්. ඒ නිමල්, උඩුගම – රවි ලියනගේ, ඉමදුව – කුමාර කොඩිතුවක්කු , හබරාදුව – ඒ.ඒල්. ඒ ආරියරත්න

Related posts

Leave a Comment