රැස්විමකදි පුද්ගලයකු ඇද වැටී මරුට

death

මස්කෙළිය හිංදු කෝවිලක රැස්විමකට සහාභාගිව සිටි පුද්ගලයකු හදිසියේ මිය ගොස් ඇති අතර පසුව කරන ලද පි. සි. ආර්. පරික්ෂාවකදි ඔහු කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණයවි ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මස්කෙළිය හිංදු කෝවිලේ බාර කාර මණ්ඩලයේ රැස්විමක් 06වන දින එම කෝවිලේදි පවත්වා බවත් එහිදි අවුරුදු 51 වයැසැති මිය ගිය පුද්ගලයා කතා කරමින් සිටියදි හදිසියේම පපුව අල්ලාගෙන ඇද වැටි ඇති බවත්ය.

පසුව එම පුද්ගලයා මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ගෙන යන විටත් මියගොස් ඇති බවත් පසුව මල සිරුර  පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු ඔහු කොවිඩ් ආසාදිතයකු බවට අනාවරණයවි ඇති බවද එම නිලධාරියා පවසන ලද්.

පසුව එම මල සිරුර වැඩි දුර පරික්ෂන සදහා දික්ඔය දිස්ත්‍රික් මුලීක රෝහල වෙත ගෙන යාමට පියවර ගත් බවත් මෙම මරණය කොවිඩ් මරණයක් ලෙස ඉදිරි කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බවත් මෙම පුද්ගලයා මස්කෙළිය අප්කට් පාරේ පදිංචි අවිවාහක අවුරුදු 51 වයැසැති පිරිමි අයකු බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts