මෙරට කොරෝනා මරණ ගණන 229ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 229ක් දක්වා ඉහළ ගොස් තිබේ

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,840ක් බවත් ඉන් දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව 6,773ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

මේ වන විට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 4,838ක් සුවය ලබා තිබෙනවා.

Related posts