ජර්මනියේ කොරෝනා මරණ  ඉහළට

නත්තලට පෙර දෙවන වරටත් රට වසා දැමීමේ අවදානමකට ජර්මනිය මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජර්මනියෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 585 ක් සහ නව ආසාදිතයන් 29875 ක් වාර්තා වූ අතර එය එරට මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සටහන් වේ.

ඉකුත් නොවැම්බර් මස සිට අර්ධ ලෙස රට වසා දැමූ ජර්මනිය නත්තලේදී එම සීමා ලිහිල් කිරීමට අපේක්ෂා කළ නමුත් පවතින තත්ත්වය හමුවේ එසේ කළ නොහැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related posts