වටවල ඇගලුම්හලේ සේවකයන් 58කට කොරෝනා

covid infections today

වටවල ඇගලුම්හලේ සේවකයන් 58 දෙනකු මේ වන විට කොවිඩ් ආසාදිතවන් බවට හදුනාගෙන ඇති බව අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාරියාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකරයකු පවසන ලදි.

මෙයට දින කිපයකට පෙර එම ඇගලුම් කම්හලේ සේවකයන් සදහා කරන ලද අහ‍්ඹු පි. සි. ආර්. පරික්ෂාවකින් එක් ආසාදිතයකු හමුවු බවත් පසුව එම ආසාදිතයාගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. හා රැපිට් ඇන්ටිජන් පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසුව එම ඇගලුම් කම්හලින් මෙම ආසාදිතයන් 58 දෙනා හමුවු බවද එම නිලධාරියා පවසන ලදි.

එම ආසාදිතයන් අතරින් ආසාදිතයන් 17 දෙනකු වටවල මවුන්ට්ජින් වතුයායේ පදිංචිකරුවන් බවත් මෙම සියලු ආසාදිතයන්ගේ ලගම ඥතින් හා ආශ්‍රිතයන් 898 දෙනකු මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කර එම අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත් එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මෙම තත්වයන් මත වටවල ඇගලුම් කම්හලින් තවත් කොවිඩ් පොකුරක් ඇතිවිමේ අවදානමක් පැවතිය හැකි බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts