පෘතුගාල ජනාධිපතිවරයාට කොරෝනා

පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

පෘතුගාල ජනාධිපති කාර්යාලය සදහන් කර ඇත්තේ කෙසේ නමුත් ජනාධිපතිවරයාට මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක්‌ පෙන්නුම් කර නොමැති බවය.

72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

එසේම ඔහු ජනවාරි 24 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ද ඉදිරිපත් වීමට සූදානමින් සිටියි.

Related posts