මෙරට කොරෝනා එන්නත්කරණය යුධ හමුදා රෝහලෙන් ඇරඹේ

යුධ හමුදා රෝහලේදී හමුදා නිලධාරීන් 03 දෙනෙකු එන්නත් කරමින් මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ඇරඹෙයි.

නාරහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී යුද හමුදා සාමාජිකයින්ට පළමු එන්නත් ලබාදීම සිදුකෙරුණ අතර ඉන්දීය රජය ප්‍රදානය කළ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොරෝනා මර්දන එන්නත, එන්නත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.

එම එන්නත් මාත්‍රා පළමුව ලබාදෙන්නේ කොරෝනා මර්දන කටයුතු සදහා ඉදිරි පෙළ ක්‍රියාකරන එක් ලක්‍ෂ පනස් දහසක් පමණ වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක් ලක්‍ෂ විසි දහසක් වන ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශවල පිරිස් වෙතයි.

බස්නාහිර පළාතේ තෝරා්ගත් රෝහල් 6 කදී එන්නත් කිරීමේ කටයුතු අද ආරම්භ කරන බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ.

Related posts