කොරෝනා කාලේ අලුත් වු මිනිස්සු

අද වන විට සමාජයේ  සෑම තැනකින්ම  කොවිඩ් ආසාදිතයින් හමු වන හෙයින් මේ වන විට බස්නාහිර පළාතේ මෙන්ම සෙසු ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශ වල ජනතාව ආහාර සපයා ගැනීමේ විශාල අපහසුතාවයකට පත්ව ඇත.

පළමු කොවිඩ් රැල්ල පැමිණි අවස්ථාවේ නම් බොහෝ වෙළඳුන් ජංගම රථ හරහා ගම්මාන වලට ගොස් ජනතාවට අවැසි දෑ අලෙවි කළහ.

මැතිවරණයත් ඒම අවස්ථාවේ ළං ළංව පැවතිම නිසා විවිධ දේශපාලඥයින්ද ජනතාවට නොමසුරුව උදව් කිරිමට ඉදිරිපත් විය.

නමුත් දෙවන කොරෝනා රැල්ල පැමිණ දැන් මසක පමණ කාලයක් ගත වුවද කිසිදු ජංගම වෙළඳාම් රථයක් තවමත් වෙළඳාමේ යනවා දුටුවේ නැත. විශේෂයෙන්ම ගම්පහ, මිනුවන්ගොඩ, වේයන්ගොඩ ප්‍රදේශවාසින් තවමත් සිටින්නේ කොරෝනා වෛරසයට කේන්ද්‍ර වෙමිනි.

ඒම පළාත් වලට  අත්‍යවශ්‍ය ආහාර ගැනිමට වෙළඳසැලට යාමට දිනයක් ලබා දුන්නද මේ වන විට ඒයද අහෝසි වී ගොස් ඇත. ඒබැවින් ඒම පළාත් වල වෙසෙන ජනතාව මේ වන විට පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.

මෙවර පැතිර යන වෛරසයේ ප්‍රබල බව නිසාම බොහෝ වෙළදුන්ද වෙනදා මෙන් ජංගම රථ වල ගොස් ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිමට මැලිකමක් දක්වන බව පෙනෙන්නට ඇත.

නමුත් මේ සියල්ල අතරේ ඉතාම ආරක්ෂිත ලෙස බිත්තර වෙළඳාමේ යෙදෙන පුද්ගලයෙකු ගැන මුහුණු පොතේ ගම්පහ පදිංචි සරත් සේනාරත්න මහතා අනාවරණය කර තිබුණි.

ඒ් රද්දොලුව – කුස්වල පදිංචි වෙළඳ මහතෙක් ගැනය.  ඔහු පවසා ඇති පරිදි  ඒම පුද්ගලයාගේ නමක් දන්නේ නැත. බිත්තර වෙළෙන්දෙකි.

ඔහුගේ බයිසිකලේ අත සේදීමට වතුර ටැංකියක්, සබන්, අත පිහදාන රෙදි කෑල්ල, මෙගා හෝන් එකක්, මුදල් දා ගන්න භාජනයක්, මීටර 3/4 පොල්ලක්, මීටර් 1.1/2 දිග පොල්ලක ගැසූ පලාස්ටික් බාජන 2 , බලපත්‍රය හා බිත්තර ද තිබේ. මීටර් 3/4 පොල්ල තබාගෙන ඇත්තේ  බයිසිකලේ නැවැත්තුවාම ඇල වෙන නිසා බිත්තර පෙට්ටිය පෙරලීම වලක්වා ගන්ඩ තාවකාලික ස්ටෑන්ඩ් එකක් ලෙසය..

මුලින් බිත්තරයේ ප්‍රමාණය පාරිභෝගිකයාට මීටර් 1.1/2 දුරින් සිට පෙන්නයි.  අවශ්‍ය ප්‍රමාණය දැන්වු විට ඔහු බිත්තර 10 මල්ලක් හෝ 5 මල්ලක් අර මීටර 1.1/2 දිග පොල්ලේ ඇති විශාල භාජනයට දමා  පාරිභෝගිකයාට දික් කරන අතර  එවිට පාරිභෝගිකයා බිත්තර රැගෙන  කුඩා භාජනයට මුදල් දමනු ලබයි.

ඉතිරි දීමට නැත්නම් ඔහු මුදල් ටික බයිසිකලේ එල්ලාගෙන ඉන්න භාජනයට දමන අතර ඉතුරු සල්ලි දුන්නොත් මුදල් ඇල්ලූ නිසා ග්ලාවුස් දමා ඇති අත් සෝදන බවද සරත් මහතා පවසා තිබුණි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පුද්ගලයා පරිස්සම් බවය. බිත්තර විකුණන්න ඔහුට අමතර වියදමක් දරන්න වී නමුදු  බිත්තර මිල වැඩි නැත.ඒකක් . රූ15 කි.  යුගයට සිතන පුද්ගලයෙක් ලෙස ඔහුව හඳුන්වමින් සරත් සේනාරත්න මහතා ඔහු පිලිබඳව මුහුණු පොතේ පළ කර තිබුණේ මෙවැනි පුද්ගලයින්ට කරන ඇගයිමක් ලෙසය.

ශානිකා

Related posts