පාසලක තවත් සිසුන් පිරිසකට කොවිඩ්

හයිලන්ඩ් විදුහලේ 13 වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය  පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි.

මෙම සිසුන් තිදෙනා 13වසරේ ඉගෙනුම ලබන සිසුන් බවත් මෙම සිසුන් වටවල, රොසැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් මෙම සිසුන් අධ්‍යාපනය හැදැරු පංති කාමරය විෂබීජහරණයට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු පවසන ලදි.

එමෙන්ම මෙම සිසුන්ගේ ආශ්‍රිතයන් වශයෙන් සිටි සිසුන් හා ගුරුවරුන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද බාලක්‍රිෂ්නන් මහතා තව දුරටත් පවසන ලදි.

මේ අතර කොවිඩ් ආසාදනයෙන් මිය ගිය බගවන්තලාව චැපල්ටන් වතුයායේ පදිංචි පුද්ගලයාගේ බිරිද හා බාල පුතුද කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ගනේෂන් මහතා පවසයි.

හැටන් දිසා අධිකරණයේ නිතිඥයකු ලෙස කටයුතු කරන අයකුගේ පියා වන බගවන්තලාව චැපල්ටන් වතුයායේ අවුරුදු 72 පමන වයැසැති අයකු කොවිඩ් ආසාදියකු ලෙස හදුනා ගැනිමෙන් පසු එම පුද්ගලයා අනුරාධපුර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේදි ප්‍රතිකාර ලබමින් සිටින විටදි මිය ගිය බවත් මෙම කොවිඩ් මරණය බගවන්තලාව ප්‍රදේශයෙන් සිදුවු ප්‍රථම කොවිඩ් මරණය බවද ඔහු පවසන ලදි.

එම කොවිඩ් ආසාදිතයාගේ ආශ්‍රිතයන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු ඔහුගේ බිරිද හා බාල පුතුද කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇති බවත් එම ආසාදියන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවද මෙම ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් සොයා ඔවුන්ද ස්වයං නිරෝධානයට ලක් කර එම අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ගනේෂන් මහතා තව දුරටත් පවසන ලදි.

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ මවක් හා පුතකු කොවිඩ්

හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ මවක් හා පුතකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනිමෙන් පසු එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස්. බාලක්‍රිෂ්නන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ මෙම ආසාදිතයන්ගේ තවත් දරුවකුට කොවිඩ් ආසාදනය විමත් සමග එම ආසාදිතයා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබන විට එම දරුවාගේ ආවතේව සදහා මෙම මවද එම දරුවා සමග ගොස් සිට දින 14ක් සිට සිය නිවස වෙත පැමින ඇති බවද පවසන ලදි.

එසේ පැමින සිට මව හා අවුරුදු 10ක් පමන වයැසැති පුතා පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමෙන් පසු මෙම දෙදෙනා කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත් ඒ අනුව එම ආසාදිත මව හා දරුවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙය යාමට පියවර ගත් බවද බාලක්‍රිෂ්නන් මහතා  පවසන ලදි.

මෙම ආසාදිතයන්ගේ ලගම ආශ්‍රිතයන් සොයා ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කර එම අය පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද බාලක්‍රිෂ්නන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts