පැනගිය කොවිඩ් සැකකරු අල්ලයි

කොවිඩ් 19 වැළදි ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර පී.සී.ආර් පරික්ෂණයක් සිදුකිරීම සදහා සුදානම් කරමින් සිටි රෝගියෙකු රෝහලෙන් පලායමින් සිටියදි මෙත්සිරි සෙවන කොවිඩ් නිවාරණ ඒකකයේ රාජකාරියේ සිටි යුදහමුදා හා පොලිස් නිලධාරින් විසින්  අල්ලා ගනු ලැබීය.

හදිසි රෝගී තත්වයක් නිසා අනුරාධපුර රෝහලට ඇතුලත් කළ රෝගියා කොවිඩ් 19 වැලදි ඇත්ද යන්න පරික්ෂා කිරීමට වාට්ටු අංක 12ට යොමුකර පී.සී.ආර් පරික්ෂණයන් සදහා යොමු කිරීමට සූදානම් වද්දි රෝහල් සේවකයන්ගෙන් මිදී කිලෝමීටර දෙකක පමණ දුරක් දුවගොස් තිබේ.

අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවත ඔස්සේ දිව යද්දි මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සේවයේ නියුතුව සිටි යුද හමුදා හා පොලිස් නිලධාරින් ඔහු බිය ගන්වා සිය බාරයට ගැනීමට කටයුතු කළහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts