වනරාජ වතුයායෙන් කොවිඩ් ආසාදිත ළදරුවෙක්

වනරාජ වතුයායෙන් හමුවු කොවිඩ් ආසාදිත ළදරුවා සමග මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 49 හදුනාගෙන  ඇති බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි. චන්ද්‍රරාජන් මහතා පවසයි.

මෙසේ හමුව ඇති ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ වතු ආශ්‍රිතව හමුව ඇති බවත් එයින්ද වැඩි පිරිසක් කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල සිට පැමිනි පිරිස් බවද ඔහු පවසන ලදි.

එමෙන්ම පසු ගිය දින කිපය තුලදි පුද්ගලයන් 50 දෙනකු පමන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර එම පිරිස් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් එසේ පි. සි.ආර්. පරික්ෂාවන්ට ලක් කරන ලද පිරිසගේ වාර්ථා ලැබිමෙන් පසු එම වාර්ථා මත ඉදිරි කටයුතු සිදු කිරිමට පියවර ගන්නා බවද වෛද්‍ය චන්ද්‍රරාජන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts