අඹගමුව කොවිඩ් ආසාදිතයන් ගණන 306 දක්වා ඉහළට

covid infections today

කොවිඩ් ආසාදිත පාසල් සිසුන් දෙදෙනකු අලුතින් හමුවිමත් සමග අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 306 දක්වා ඉහල ගොස් ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු කේ. කාමදේවන් මහතා පවසන ලද්දේ අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් හමුව ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වතු ආශ්‍රිතව හමුව ඇති බවත්ය.

එමෙන්ම හැටන් නගරයේ පාසලකින් හමුවු කොවිඩ් ආසාදිත සිසුවන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයා එම අය ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද කාමදේවන් මහතා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts