දික්ඔයින් බගවන්තලාවෙන් කොවිඩ් ආසාධිතයින් හමුවේ

corona

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් මෙම මාස දෙකක කාලය තුල  කොවිඩ් ආසාදිතයන් 23 දෙනකු හා කොවිඩ් මරණ එකක් වාර්ථාවි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

මෙම කොවිඩ් ආසාදිතයන් හැටන් මැන්ඩිස් මාවත‍, විල්ෆ්‍රඩ් පුර, ගාමිණි පුර, බිංගෙය ප්‍රදේශ වැනි ප්‍රදේශවලින් වාර්ථාවි ඇති බවත් කොවිඩ් ආසාදනයෙන් මරණයට පත්ව ඇත්තේ හැටන් මැන්ඩිස් මාවත ප්‍රදේශයේ අවුරුදු 72ක පුද්ගලයකු බවත් එම නිලධාරියා පවසන ලදි.

මෙම ප්‍රදේශය කොවිඩ් වසංගතයෙන් බේරා ගැනිම සදහා ප්‍රදේශයේ සියලුම දෙනාගේ සහාය අවශ්‍ය බවත් එම තත්වයන් මත මෙහි සියලුම දෙනා සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලි පදිමින් කටයුතු කල යුතු බවත් එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් 16ක් හමුවිමත් සමග එම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් ගනන 107ක් දක්වා ඉහල ගොස් ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයන් මෙසේ ඉහල යන විට කොවිඩ් ආසාදිත මරණ එකක්ද මෙම බල ප්‍රදේශයෙන් වාර්ථාවි ඇති බවත්ය.

එමෙන්ම මෙම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වතුයායෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් ඉහල යාමත් සමග එම වතුයායේ කොටසකට සංචර සිමා පනවා එහි 400 දෙනකු පමන ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා  පවසන ලදි.

මෙසේ ලබා ගන්නා ලද පි. සි. ආර්. වාර්ථා ලැබිමෙන් පසු එම වාර්ථා මත ඉදිරි කටයුතු සිදු කරන බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

නොර්වුඩ්  ඇගලුම් කම්හලින් කොවිවිඩ් ආසාදිතයන්

නොර්වුඩ් පුද්ගලික ඇගලුම් කම්හලින් කොවිවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග එම ඇගලුම් කම්හලේ සේවිකාවන් 182 ක් ස්වයං නිරෝධානයට ලක් කර ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ කොවිඩ් පැතිර යාම මේ වන විට වර්ධනය වෙමින් පවතින බවත් මෙම තත්වයන් මත ඉදිරියේ පැවැත්වෙන පොදු සහතික පත්‍ර විභාග කාලය තුල සිසුන් ඉතාමත්ව ප්‍රවේශම් විය යුතු බවත්ය.

මේ සමන්‍ය පෙල විභාගය සදහා පෙනි සිටිමට නියමිත දරුවන් කිප දෙනකුම කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බවත් එම තත්වයන් මත මෙම පාසල් දරුවන් ඉතාමත් කල්පනාකාරිව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලිපදිමින් කටයුතු කල යුතු බවද ඔහු පවසන ලදි.

සමහර පිරිස් විසින් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිලි පැදිමකින් තොරව විවිධ උත්සව රැස්විම් ආදිය පැවැත්විමට පියවර ගන්නා බවත් එම තත්වයන් මත මෙම ප්‍රදේශයේ කොවිඩ් වසංගතය පැතිර යාමේ වැඩි ඉඩ කඩක් පවතින බවත් එම තත්වයන් මත සෞඛ්‍ය උපදෙස්වලට පිටින් කිසිදු උත්සවයක් හෝ රැස්විමක් පැවැත්විමෙන් වලකින ලෙසද  ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts