නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 708 දක්වා ඉහළට

නව කොවිඩ් ආසාදිතයන් අට දෙනකු 19වන දින සවස් වන විට වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 708 දක්වා ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරින් පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එක් නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්ථාවි ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් දෙසිය හැත්ත එකක් (271) වාර්ථාවි ඇත්තේ අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් බවත්ය.

එයින්ද කොවිඩ් ආසාදිතයන් අසු අට දෙනකු (88) වටවල පුද්ගලික ඇගලුම් කම්හලින් වාර්ථාවි ඇති බවත් අන් පිරිසෙන්ද වැඩි පිරිසක් වතු ආශ්‍රිතව වාර්ථාවි ඇති බවද ඔහු පවසන ලදි.

මෙසේ හමුවු නව කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ඔවුන් ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts