ජිවන්ට කොවිඩ් නෙගෙටිව්

ස්වයං නිරෝධානයට ලක් කර පි. සි. ආර්. පරික්ෂාවන් සිදු කල ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් වතු නිවාස ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතා කොවිඩ් ආසාදිතයකු නොවන බවට සෞඛ්‍ය අංශ මගින් තහවුරු කර ඇති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකය පවසති.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම මාධ්‍ය ඒකකය පවසනුයේ කොවිඩ් ආසාදිතයකුවු ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති සහභාගිවු රැස්විමක් සදහා රාජ්‍ය ඇමති ජිවන් තොණ්ඩමන් මහතාද එක්ව සිටි බැවින් සෞඛ්‍ය අංශ මගින් ඔහු පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කර ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

එසේ ගන්නා ලද පි. සි. ආර්. පරික්ෂනවලදි ජිවන් තොණ්ඩමන් මහතා කොවිඩ් ආසාදියකු නොවන බවට තහවුරුවි ඇති බවට සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇති බවත් එම තත්වයන් මත නව වසරේ ආරම්භවි ටික දිනකින් ජිවන් තොණ්ඩමන් මහතා නැවත අමත්‍යාංශයේ වැඩ කටයුතු මෙන්ම වෘත්තිය සමිති කටයුතුද සුපුරුදු පරිදි ආරම්භ කිරිමට පියවර ගන්නා බවද එම මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts