කොවිඩ් රෝගියෙක් නිවසින් පළා යයි

නිවසින් පළාගිය කොරෝනා වෛරස් ආසාදිතයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

PCR පරීක්ෂණවලින් අනතුරුව ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසු නිවසින් පළාගොස් තිබෙනවා.

මාකොල උතුර, දේවාල පාර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු නිමේෂ් මධුශංක නම් අයෙක්.

තොරතුරක් ඇත්නම් ළගම පොලිස් ස්ථානයට හෝ 071 8591599 / 0112400315 අංක ඔස්සේ සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයාට හෝ පොලිස් හදිසි ඇමතුම් අංශයේ 0112433333 හෝ 119 අංකවලට දැනුම්දෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

Related posts