කොවිඩ් නිසා පාසලක් වැසේ

හැටන් හයිලෙවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග ලබාදි ඇති සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල තාවකාලිකව වසා දැමිමට එහි පාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇත.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු අඹගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු පවසන ලද්දේ මෙම ගුරුවරිය අප්කට් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් මෙම කාන්තාව හැටන් හයිලේවල් පුද්ගලික විදුහලේ ගුරුවරියක් ලෙස සේවය කරන බවත්ය.

මෙම ගුරුවරිය එම විදුහලේ පංති හතර පහකටම ගොස් ඇති බවත් එම තත්වයන් මත එම විදුහල තාවකාලිකව වසා දැමිමට ලබා දුන් උපදෙස් මත එහි පාලන අධිකාරිය විසින් එම විදුහල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවද ඔහු පවසන ලදි.

මෙම ගුරුවරිය විවාහ විමට සිටින හැටන් විල්ෆ්‍රඩ් පුර ප්‍රදේශයේ පදිංචි තරුණයාද කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගෙන ඇති බවත් එම තත්වයන් මත මෙම කොවිඩ් ආසාදිතයන් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම දෙදෙනාගේ පවුලේ අය මේ වන විට ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත් ඔවුන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා පවසන ලදි.

එමෙන්ම හැටන් හයිලෙවල් විදුහලේ මෙම ගුරුවරියගේ ආශ්‍රිතයන් සොයා එම අයද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා –  හැටන්

Related posts