විදුහලක ගුරු මහත්මියකට කොවිඩ්

හැටන් අධ්‍යාපන කලාපයේ නොර්වුඩ් ද්‍රවිඩ විදුහලේ ගුරු මහත්මියක් කොවිඩ් ආසාදියකු බවට හදුනා ගැනිමත් සමග සෞඛ්‍ය උපදෙස් මත එම විදුහල සතියක පමන කාලයකට වසා දැමිමට පියවර ගන්නා බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසන ලදි.

මෙම ගුරු මහත්මිය දරු ප්‍රසුතිය සදහා නිවාඩු ලබා ගොස් නැවත රැකියාව සදහා පැමින ඇති බවත් මෙම ගුරු මහත්මිය පි. සි. ආර්. පරික්ෂාවකට ලක් කිරිමෙන් ඇයට කොවිඩ් 19 අසාදිත බවට අනාවරණය විමත් සමග ලැබුන සෞඛ්‍ය උපදෙස් මත මෙම විදුහල වසා දැමිමට පියවර ගත් බවද පි. ශ්‍රිධරන් මහතා පවසන ලදි.

මේ පිලිබදව අදහස් දැක්වු මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි. චන්ද්‍රරාජන් මහතා පවසන ලද්දේ මෙම ගුරු මහත්මියට මෙන්ම ඇයගේ දරු දෙදෙනාටද කොවිඩ් 19 ආසාදිතවි ඇති බවට කරන ලද පි. සි. ආර්. පරික්ෂාවලින් අනාවරණය වි ඇති බවත් එයින් එක් දරුවක් මාස 04ක පමන වන බවත්ය.

එම ගුරු මහත්මියට කොවිඩ් ආසාදිත විමත් සමග එම ගුරු මහත්මිය ඉගැන්විම් කල නොර්වුඩ් ද්‍රවිඩ විදුහල වසා දැමිට අදාල බලධාරින්ට උපදෙස් දුන් බවත් එයට අමතරව එම ගුරු මහත්මිය ඇසුරු කල එම විදුහලේ ගුරු මහත්ම මහත්මින් 72ක් හා සිසු සිසුවියන් සියයක් පමන පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවත්ය.

එසේ පි. සි.්‍ ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට නියමිත ආදාල ගුරු මහත්ම මහත්මින් හා සිසු සිසුවියන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් ස්වයං නිරෝධානයන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද ඔහු පවසන ලදි.

එයට අමතරව මෙම ගුරු මහත්මිය ජිවත්වන ප්‍රදේශයේ ඇය ඇසුරු කල ආශ්‍රිතයන්ද පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts