තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ්

coronavirus news

උතුරු මැද පළාත් සභාවේ සභා ලේකම් කාර්යාලයේ සේවයේ නිරත වන අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් 19 වෛසරය ආසාධනයවීම නිසා තවත් කොවිඩ් 19 රෝගි රැල්ලක් ආරම්භ වෙමින් පවතින බව අනුරාධපුර මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව)මන්ත්‍රීවරුන් පිරිසක් පැවසූහ.

පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවයේ නියුතුව සිටි කාර්යාල කාර්ය සහයකවරයෙකු කොවිඩ් 19 වැලදීමෙන් පසුගිය (15දා) මියයාමත් සමග මන්ත්‍රීවරයා සෞඛ්‍ය අංශ වලට ඇත්ත වසන්කරමින් කටයුතු කිරීම නිසා මෙම තත්වය නිර්මාණයවි තිබේ.

මේවනවිට ඔහුගේ ආශ්‍රීතයන් තිදෙනෙකු වන නාගරික මන්ත්‍රීවරුන් තිදෙනෙකු ඊයේ (28දා) වනවිට ස්වයං නිරෝධායනය කිරීමට හා සෙසු ආශ්‍රීතයින් සොය සෞඛ්‍ය අංශ පරික්ෂණ සිදුකරනා බව අනුරාධපුර නාගරික සෞඛ්‍ය වෛද්‍ය අංශය තහවුරු කළේය.

තරුණ නාගරික මන්ත්‍රීවරයා වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා ආසාධිතයන් පිරිසක් නැවතත් අනුරාධපුර නගරය අවටින් මතුවෙමින් සිටිනා බව නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අනාවරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් මෙසේ පැවසුහ.

නාගරික මන්ත්‍රීතුමා සේවය කරන්නේ සභා ලේකම් කාර්යාලයේ.එතුමා සමග සිටි ආශ්‍රීත සේවකයෙකු තමයි මිය ගියේ.නමුත් මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කරද්දි කිසිම ආකාරයකින් ඔහුට රෝගය වැලදෙන්න විදියක් නෑ කියලා පරික්ෂණ වලින් ලිස්සලා ගිහිල්ලා තිබ්බා.

තරුණයා මිය ගිහිල්ලා දින කිහිපයක් ඇතුලතත් ඔහු නගර සභාවට ආවා.එක් මන්ත්‍රීවරයෙක් ඔහුට බැන්නා ඇයි මෙහෙම වගකීම් විරහිතව කටයුතු කරන්නේ කියලා.ඒ අවස්ථාවේ නෑ මම මාස්ක් දෙකක් දාලා ඉන්නේ කියලා තිබ්බා.නගර සභාවේ මුදල් කමිටු රැස්වීමට ඇවිල්ලා තිබ්බා.

ක්‍රීඩා සමාජවල තිබ්බ රැස්වීම් වලට ගිහිල්ලා.උපන්දින සාදයකටත් ගිහිල්ලා.පී.සී.ආර් පරික්ෂණ සිදුකරලා තියෙද්දි ඔහුට තිබ්බා පරිසමින් කටයුතු කරන්න.නමුත් මුළු නගරය පුරාම යතුරු පැදියෙන් ඇවිදලා විවිධ පුද්ගලයන් සමග සබධතා පවත්වා තිබ්බා.

ඔන්න තවත් හිතා මතා නිරෝධායන නීති උල්ලංඝණය කරලා කොවිඩ් 19 වෛරසය පැතිරීමක් සිද්ධවෙලා තියනවා.දැන් පුළුවන් අනුරාධපුර නාගරික කොමසාරිස්තුමාට මෙයාටත් නඩු දාන්න.මන්ත්‍රීවරු වුනාට කමක් නෑ නඩු පවරන්න ඕන වගකීම් විරහිතව කටයුතු කරන ඕනෑම අයෙකුට යනුවෙන් මන්ත්‍රීවරුන් පිරිස පැවසූහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකුගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි කියා සිටියේ මන්ත්‍රීවරයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂණ සදහා ඔහු යොමුකිරීමට උත්සහ කළ අවස්ථාවේ තමන්ට කොවිඩ් 19 වෛරසයෙන් කිසිදු බලපෑමක් සිදුව නැති බවත් පරික්ෂණ කිසිවක් අවශ්‍ය නොමැති බව කියමින් පරික්ෂණ මගහැර තිබෙන බවයි.

මුහුණු ආවරණ දෙකක් පළදාගෙන සිටිනා බවත් ඔහු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ටත් පවසා තිබෙන බව අනාවරණය කළ සෞඛ්‍ය අංශය මන්ත්‍රීවරයාගේ ක්‍රියා කළාපය නිසා ආශ්‍රීතයන් රැසක් නිර්මාණයවී ඇති බව පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts