පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ්

පාසල් සිසුවෙකුගේ පියෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනයවි ඇති බව අනාවරණය වීමත් සමග අනුරාධපුර නගරයේ පිහිටි ප්‍රධාන පෙලේ පාසලක දෙවන ශ්‍රේණියේ එක් පන්ති කාමරයක සිසුන්  නැවත නිවෙස් කරා යැවීමට පාසල් බලධාරින් පියවර ගත්හ.

පාසල් සිසුවාගේ පියා රාජ්‍ය බැංකුවක සේවකයෙකු වන අතර ඔහු කොවිඩ් 19 වෛරස ආශ්‍රිතයෙකු විම නිසා නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදි දරුවා පාසල් පැමිණි තිබෙන බව විද්‍යාල ආරංචි මාර් ග සදහන් කරයි. ඔහුගේ පී.සී.ආර් පරික්ෂන වල ප්‍රථිපල වලට අනුව ඔහුට කොවිඩ් වැලදි ඇති බව තහවුරුවීම නිසා පාසලේ දෙවන ශ්‍රේණියේ එක් පන්තියක අධ්‍යාපන කටයුතු තාවකාලිකව නවතා තිබේ.

ඊට අමතරව රඹෑව අධ්‍යාපන කොට්ඨාශයේ පාසලක සේවයේ නියුතු ගුරුවරයකගේ සැමියාට කොවිඩ් ආසාධනයවි තිබෙනා අතර සැමියා ස්වයං නිරෝධායනයට ලක්කර තිබියදිත් ඇය අමතර පන්ති රැසක් පවත්වා ඇති බවත් ඒ සදහා විවිධ ප්‍රදේශවල සිසු දරුවන් සහභාගිවි ඇති බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.එම සිසුන් සොයා ගැනීම සදහා සෞඛ්‍ය අංශ පරික්ෂනයක්ද ආරම්භ කර තිබේ.

කැකිරාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මලව ප්‍රදේශයෙන් රෝගින් දෙදෙනෙකු හමුවිමත් සමග කැකිරාව නගරයේ පාසල් කැලබීමකට ලක්වි තිබූ අතර ප්‍රාථමික පාසල් දෙකක දරු දැරියන් පාසල් වලින් රැගෙන යාමට මවුපියන්  රැස්වි තිබුණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 21කින්  ආසාධිතයන් 115 දෙනෙකු හමුවි තිබේ.ඒ අතර අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ සේවිකාවක්ද සිටිනා බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

අනුරාධපුර මධ්‍යම විශේෂ  – බී.මහේෂ් විජේසුරිය

Related posts