නුවරඑළිය කොවිඩ් ආසාදිතයන් ඉහලට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට කොවිඩ් ආසාදිතයන් 812 දක්වා ඉහල ගොස් ඇති බවත් කොවිඩ් මරණ දෙකක් සිදුව ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශයේ නිලධාරියකු පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේන් 23වන දින කොවිඩ් ආසාදිතයන් දෙදෙනකු හමුවිමත් සමග මෙසේ කොවිඩ් ආසාදිතයන් ගනන ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් හමුව ඇති කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් හමුව ඇති බවත් එයින්ද වැඩි පිරිසක් වතුකරය ආශ්‍රිතව හමුව ඇති බවද එම නිලධාරියා පවසන ලදි.

මෙසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක් මේ වන විටද ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts