කිරි ගොවියා ගොනාට අන්දන දේශීය කිරි ගව ගොවිතැන

දියර කිරි පානයට ජනතාව වැඩි වශයෙන් හුරු කරවමින් දේශීය කිරි ගව කර්මාන්තය වැඩි දියුණු කිරිමට රජය මෙවර අය වැයෙන් දේශිය කිරි ගව කර්මාන්තය වෙනුවෙන් විශාල මුදලක්වෙන්කර දේශීය ගොවියා නගා සිටුවිමට කටයුතු කරන බව කිවත් තමන්ට කිසදු සහනයක් නැතිව කිරි ගව ගොවි කර්මාන්තය අතහැර දැමිමට සිදුව ඇතැයි කිරි ගව ගොවීන් කියති.

දේශීය කිරිගව ගොවියා නගා සිටුවිමට පසුගිය කාලය පුරා කටයුතු නොකිරීමෙන් ග්‍රාමීය වශයෙන් කිරි ගව කර්මාන්තයේ යෙදි සිටින තමන් ගැටළු රැසකට මුහුණ දි සිටින බව ගොවින් කියති.කළුතර දිස්ත්‍රික්කයේ කිරි ගව කර්මාන්තයේ යෙදි සිටින ගෙවින් මුණදි තිබෙන ප්‍රධාන ගැටළුව ගවයින්ට තණකොළ සැපයිම සදහා තණ බිම් නොමැතිවිමය. දිස්ත්‍රික්කය පුරා වසර විස්සක තිහක කාලයක පටන් පුරන් වෙමින තිබෙන කුඹුරු අක්කර දහස් ගණනක් තිබුණත් තෘණ වගාවට ඉඩම් නැතැයි ගොවින් තියති.

බුලත්සිංහල දෙණිකඩේ ලයනල් මහතා.
———————————————

කිරි ගව කර්මාන්තය කරන්න පටන්ගෙන දැන් තිහ හතලිහක් විතර වෙනවා. මේකට තරුණයො එන්නෙ නැති කාලෙක මම කර්මාන්තයට එකතුවුණා.මේක දියුණුකලහැකි ඉතාම හොද කර්මාන්තයක් මෙතෙක් පැවති රජයන් මෙරට ග්‍රාමිය කිරි ගව ගොවියට කිරි ගව කර්මාන්තය එපා කෙරෙව්වා. නව රජය මේ පිළිබද අවධානය නොමුකර අපේ ගැටළු විසදිමට කටයුතු කලොත් රටට කිරි උතුරන්න හුග කලක් යන්නෙ නෑ. අපට තියෙන ප්‍රධාන ප්‍රශ්නය හරතුන්ට කන්න දෙන්න තණකොළ හොයාගන්න තැනක් නෑ. තණ බිමි නෑ . පුරන්වෙලා ගිහිල්ලතියෙන කුඹුරු බදු පදනමටහෝ අපට ලබාදෙන ලෙස ඉල්ලනවා.මේ රටේ උදේට පිටි කිරි වෙනුවට කාරා වීදුරුවක් පානය කිරිමේ පුරුද්ද ඇති කල යුතුයි. ඒක අමාරු වැඩක් නෙමෙයි. උදේ පාන්දරට ගෙදරට කිරි බෝතලයක් – දෙකක් බෙදා හරින ක්‍රමයක් ඇතිකරන්නපුළුවණි.

නිලේෂ් සම්පත් මහතා.
————————

කිරි ගව කර්මාන්තයේ යෙදෙන අපට මෙතෙක් කිසිම සහනයක් ලැබිල නෑ. සහන පොලියට ණය මුදලක්දෙනවා කිව්වා. බැංකුවට ගියාම සියයට හතරෙ පොලියට දෙන්න බෑ කියනවා. ඊටත් වඩා රජයේ සේවක ඇප ඉල්ලනවා. අපට ගව මඩුවක් හදා ගන්න , ගවයෙක් ගන්න , ට්‍රැක්ටරයක් ගන්න ක්‍රමයක්නෑ. හොද ගවදෙනක් ලක්ෂ ගණනක්වෙනවා. පුන්නක්කු, විටමින් වර්ග, බෙහෙත් මිළ අධිකයි. නමුත් කිරි ලිටරය වතුර ලීටරයට වාඩා මිළ අඩුයි. තරුණ පිරිස් මේ කර්මාන්තයට යොමුකරවා ගැනිමට වැඩ පිළිවලක් අවශ්‍යයි. ගම්බදව දියර කිරි පානය ප්‍රචලිත කලයුතුයි. ග්‍රාමිය මට්ටමින් යෝගට්, ආදි වෙනත් නිෂ්පාදන සදහා අවශ්‍ය පහසුකම් ලබා දියයුතුයි.

කොබවක – ඩබ්ලිව්. දුමින්ද රුවන් කුමාර මහතා .
—————————————————-

කළුතර දිස්ත්‍රික්කයේ වගා නොකර වසර – විස්ස තිහක කාලයක් කැලෑවට ගිය වතු ඉඩම් තියෙනවා . බදු පදනමට හෝ මේවා ලබාදෙන ලෙස ඉල්ලනවා. අනෙක පුරන් කුඹුරු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වා තෘණ වගාවට යොදා ගන්න හැකියාව තියෙනවා. පාසල් , රජයේ කාර්යාල වැනි ආයතන වලට එළ කිරි බෙදාහැරිමේ වැඩපිළිවලක් ඇති කලොත් විශාල වශයෙන් දේශිය වශයෙන් එළ කිරි වලට ඉල්ලුමක් ඇතිවෙනා. ඒ වගේම ජනතාවගේ පෝෂණය ඉහල යනවා. පිටි කිරි සදහා වැයවන වියදම ඉතිරිවනවා.

බුලත්සිංහල – හල්වතුර කීර්ති රත්නායක මහතා.
—————————————————–

ග්‍රාමිය ප්‍රදේශවල වගා කටයුතු නිසා හරකුන්ට කන්න තණ කොළ නෑ. ඒ නිසා ගව පාලනය එපාවන තත්වයක් ඇතිවෙලා තියෙනවා. හරක් මැරීම තහනම් කළ පමණින් කිරි ගව පාලනය සාර්ථක වෙන්නෙත්නෑ. ගොවින්ගෙ ප්‍රශ්නවලට විසදුම් දුන්නොත් පිටරටින් කිරි පිටි, යෝගට් ගේන්න අවශ්‍ය වෙන්නෙ නෑ.

ජිවන් කරන්නාගොඩ මහතා.
——————————–

කිරි ගව කර්මාන්තය කලත් අපට ප්‍රශ්න රැසක් තියෙනවා. ගව ගාලක් හදා ගන්න ණය මුදලක් ගන්න ගියත් ප්‍රශ්න තියෙනවා. ගවයින්ට තණකොළ නැහැ. අළුතින් රජය තෘණ වගා ඇතිකරන්න යනව කියල මේ දවස්වල ප්‍රවෘත්තිවලින් අපි දැක්කා. එහෙම වුනොත් අපට ලොකු සේවයක් වෙනවා.කිරි ලිටරයකට ලැබෙන්නෙ ඇල් වතුර ලිටරයකට වඩා අඩු මුදලක්. දේශීය කිරි ගොවින්ගේ කිරි වලින් යෝගට් වැනි නිෂ්පාදන ගම් මට්ටමට දියුණු කළ යුතුයි.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Related posts