ධනුෂ්ක ගුණතිලකට අෆ්රිඩිගෙන් තරු

danushka

මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එම කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ ශහිඕ අෆ්රිඩි ට්විටර් සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබෙනවා.  ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ පිතිකරණ දක්ෂතා ද ඇගයීමට ලක් කරමින්.

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ධනුෂ්ක ගුණතිලක මුලික වටයේ පැවති තරග 8දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 462ක්.

මෙම තරගාවලියේ ඔහුගේ ඉනිමක සාමාන්‍ය 77ක ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක මූලික වටයේ පැවති තරග 8න් තරග හතරකදී අර්ධ ශතක වාර්තා කිරීමද කැපීපෙනුනා.

අෆ්රිඩි සිය ට්විටර් සටහනින් දක්වා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක ශ‍්‍රී ලංකාවේ මීළග කුමාර් සංගක්කාර විය හැකි බවයි.

 

Related posts