නාගරික මංත්‍රිවරයකුගේ දියණියකට කොවිඩ්

covid infections today

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මංත්‍රිවරයකුගේ දියණියක් කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමෙන් පසුව එම  දියණිය ඇසුරු කල පාසල් සිසුවියන් හතර දෙනකු ඇතුළු දස දෙනකු ස්වයං නිරෝධානයට ලක් කර එම දස දෙනා පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්. ආර්. එස්. මැදවෙල මහතා පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු මැදවෙල මහතා පවසන ලද්දේ මෙම දියණිය කොවිඩ් 19 ආසාදිතයකු ලෙස හදුනා ගැනිමෙන් පසු එම දියණියගේ ලගම ආශ්‍රියන්වු පාසල් සිසුවියන් හතර දෙනකු හා ගුරුවරුන් හය දෙනකු මෙසේ ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගත් බවත්ය.

මෙම පාසල්  සිසුවියන් හතර දෙනාගෙන් එක් සිසුවියක් මේ වන විට කඩවත ප්‍රදේශයට ගොස් ඇති බවත් එම සිසුවිය ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගන්නා ලෙස එම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දන්වා ඇති බවද ඔහු පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts