ප්‍රාදේශීය සභාවක උප සභාපති ඇතුළු තිදෙනෙකුට කොවිඩ්

coronaupdates

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලෙයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතකු පවසන ලදි.

කරන ලද පි. සි. ආර්. පරික්ෂාවන් මත බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ හොන්සි ප්‍රදේශයේ පදිංචි මෙම නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති හා ඔහුගේ බිරිදද ඔහුගේ සේවකයකුද මෙසේ කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගෙන ඇති බවත්ය.

මෙසේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයන් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට පියවර ගෙන ඇති බවත් මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා එම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර ඔවුන් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්


Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka, news sri lanka, gossip c lanka, sri lanka gossip

Related posts