පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර විනාශයට

කළුතර දිස්ත්‍රික්කයේ දර්ශනීයම පාරිසරික වටපිටාවක් සහිත ඵෙතිහාසික බිතු සිතුවම් රැසක් ඇති පවුරු කන්ද රජ මහ විහාරස්ථානයේ ඉපැරණි චිත්‍ර රැසක් විනාශවීයාමට පටන් ගෙන ඇතැයි, විහාරාධිපති මාවිට සෝමාලෝක හිමියෝ කියති.

“පුංචි සිරිපාදය ලෙස ප්‍රකට පවුරුකන්ද රජමහ විහාරස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 510 ක උසින් පිහිටි, දෙස් – විදෙස් සංචාරකයින්ගේ සිත් ගත් සිද්ධස්ථානයකි. ගල් පඩි 1200 ක් තරණය කළයුතු පවුරුකන්ද පොලොන්නරු රාජධානි පාලන සමය දක්වා දිවෙන ඵෙතිහාසික ශිලා ලේඛන, ලෙන්, රැසකින් සමන්විතය. මානාභරණ රජු වික්‍රමබාහු රජු සමග සටන්කොට පරාජයවි සිය සහෝදරයින්වු කිත්සිරිමෙවන් හා සිරිවල්ලභ සමග පස්යොදුන් රටට පලාවිත් ආක්ෂාව පතා රැදි සිටි ස්ථානය පවුරුකන්ද බව වංශ කතා ඉතිහාසය සාක්ෂි දරයි.

ස්වභාවික බලකොටුවක් වුමෙහි කදු මුදුන ගල් පවුරකින් වටවි තිබිම හේතුවෙන් “ පවුරු කන්ද නම ලැබි තිබේ. 1838 දෙසැම්බර් 26 දින සදහන් ඵෙතිහාසික සිරි පතුල සහිත සෙල් ලිපිය, ශ්‍රී පාද ලාංඡනය පදනම් කරගනිමින් “ පුංචි සිරීපාදය ලෙස හදුන්වයි. මෙම පුරා විද්‍යාත්මක තොරතුරුවලට අමතරව නුවර යුගයේ මුල්ම කාලයට අයත් ඵෙතිහාසික චිත්‍ර විශාල ප්‍රමාණයක් තිබිම හේතුවෙන් පවුරු කන්ද දෙස් විදෙස් චිත්‍ර ශිල්පින් , සංචාරකයින් හා ගවේශකයින් ගේ නෙත්- සිත් යොමුව තිබේ. නමුත් අවාසනාවකට එම ඵෙතිහාසික චිත්‍ර නිසි ලෙස සංරක්ෂණය කිරිමට පියවර නොගැනිමෙන් මේ වන විට විනාශවී යාමේ අවදානමට ලක්ව තිබේ.

පවුරු කන්ද රජ මහා විහාරාධිපති- පුජ්‍ය මාවිට සෝමාලෝක හිමි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව 2005 වසරේදි අති විශේෂ ගැසට්ටුවක් මගින් මේ ‍‍ඵෙතිහාසික සිතුවම් ඇතුළු පුරා විද්‍යා ස්ථාන පවරා ගත්තා.ඒ අනුව මීට වසර කිපයකට ඉහත විහාරගෙයි නිධන් හොරු කඩල තිබුණු බිතු සිතුවම් පිළි සකර කළා. නමුත් මේ චිත්‍ර සංරක්ෂණය කිරිමට පියවර ගත්තෙ නෑ. ස්වභාවිකවම දැනටත් ඒ චිත්‍ර වලට හානි වෙලා තියෙනවා.

විදේශීය චිත්‍ර ශිල්පින් , තොරතුරු ගවේෂණය කරන අය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්, පාසල් දරුවන් මේ චිත්‍ර වල විස්තර හොයාගන එනවා. මේ චිත්‍ර සහ බිතුසිතුවම් සහිත විහාර ගෙයි වහලය හොදටම අබලන්වෙලා. වර්ෂාව වෙලාවට ඇතුලත බිත්තිවලට වතුර වැටෙනවා.ඒ නිසා ගොඩනැගිල්ලේ වහලය කඩිනමින් අළුත්වැඩියා නොකලොත් නුවර යුගයේ මුල් කාලයට අයත් මේ චිත්‍ර සියල්ල විනාශවෙලා යනවා.

වසර හාර සීයයක් පමණ ඈත ඉතිහාසයක තොරතුරු තියෙන පවුරුකන්දට අක්කර 42 ක් වෙන්වෙලා තිබුණා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධනාතම කුරුළු අභය භූමිය හා සමනල විශේෂ රැසක් ජිවත්වු භුමිය මේ වනවිට අක්කර දහය පහලවකට සිමාවෙලා ගිහිල්ලා. ඉඩම මැනල ආරක්ෂාකර දෙන ලෙස නිළධාරින්ගෙන් ඉල්ලුවත් ඒක ඉටුවුනේ නැහැ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

 

Related posts