වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් අනුන්ගේ වාහන පෙන්වා මුදල් ගැරූ තරුණයා

ඔහු හොරණ අධිකරණයේ සේවය කරන නීතිඥවරයෙකි. ඔහුට හොඳ තත්ත්වයේ මොටර් රථයක් ගැනීමට අත්‍යවශ්‍ය වී තිබුණි. මේ සඳහා පෙරමුණ ගත්තේ ඔහුගේ සහෝදරියකි. ඇය ප්‍රසිද්ධ වෙබ් අඩවියකින් රුපියල් ලක්ෂ 29 ට විකිණිමට පළ කර තිබු  ටොයොටා කොරෝල්ලා 1219- 2005 මොටර් රථයක් තෝරා ගත්තාය.

ඇය ඒය තෝරා ගැනීමට හේතු වුයේ වර්තමානයේ මෙම මොටර් රථයක මිල රුපියල් ලක්ෂ 32 ක් පමණ වන නිසාය .ඒහි විමසිම් ලෙස සඳහන්ව තිබුණේ 078-2535197 දුරකථන අංකයය. ඇය මේ සියලු තොරතුරු තම සහෝදරයාට ලබා දුන්නාය. ඔහු ඒකී වීමසිම් ලෙස සඳහන් කර තිබු දුරකථන අංකයට ඇමතුවේය.

ඒම දුරකථන අංකයට පිළිතුරු දුන් තැනැත්තා අම්පාර, දීඝවාපිය රජයේ රෝහලේ වෛද්‍යවරයෙකි. ඔහු පළ කර තිබු මොටර් රථය ඇත්තේ මොණරාගලය. ඔහුට හදිසියේ පැන නැඟි මුදල් අවශ්‍යතාවයක් නිසා මෙම මොටර් රථය විකුණන බවත් රුපියල් ලක්ෂ 27 කට වුවද දිය හැකි බවත් ඒහිදි සඳහන් කර ඇත.

මෙවැනි වාහනයක් ලක්ෂ 27 කට ලැබීම යනු හොඳ ලාභයක් බව දුටු නීතිඥවරයා මෙය මිලදි ගැනිමට කැමැත්ත පළ කර ඇත. ඒහිදි ඒම වෛද්‍යවරයා පවසා ඇත්තේ දැනටමත් මෙම මොටර් රථය මිලදි ගැනීමට කිහිප දෙනෙක් දුරකථන ඇමතුම් ලබා දුන් බවත් අත්තිකාරම් මුදලක් ලබා දුන්නහොත් මොටාර් රථය ඔහුටම කියා වෙන් කර තැබිය හැකිය.

ඒවිට නීතිඥවරයා විමසා ඇත්තේ අත්තිකාරම් කීයක් අවශ්‍යද ? යන්නය. තවම වාහනය බලලත් නැති නිසා රුපියල් 20000 ක මුදලක් ලබා දෙන ලෙසත් ඒය ඔහුගේ ගිණුමට බැර කරන ලෙසත් වෛද්‍යවරයා පවසා ඇත.

ඔහුට ගිණුම් කිහිපයක් බැංකු වල ඇති නමුත් ලබා ගත් ලෝන් වලට මුදල් වැටුණු සැණින් මුදල් කපා ගන්නා බවත් ඒ් නිසා මර්චන්ට් චාටඩ් බැංකුවට මුදල් බැර කරන ලෙසත් මෙහිදි ඔහු නීතිඥවරයාගෙන් ඉල්ලා ඇත.

නමුත් ඒවැනි බැංකුවක් නැති බව නීතිඥවරයා පැවසු අතර ඒවිට යළි වෛද්‍යවරයා පවසා ඇත්තේ ඒය ස්ටෑන්ඩට් චාටඩ් ඒකේ උප බැංකුවක් බවය. ඔ්නෑම ෆුඩ් සිටියකින් මෙයට මුදල් බැර කළ හැකි බව පැවසිම නිසා නීතිඥවරයා ෆුඩ් සිටියක් වෙත ගොස් ඒවැනි බැංකුවක් තිබේදැයි විමසා ඇත. ඒහිදි ඒම කාර්ය මණ්ඩලය පවසා ඇත්තේ ඒවැනි බැංකුවක් නොමැති බවය.

යළිත් වරක් නීතිඥවරයා පෙර කී වෛද්‍යවරයාට කථා කොට මෙතැන ඒහෙම බැංකුවකට මුදල් දාන්න බැහැ කියනවා කියා පැවසුවේය. ඒහෙනම් ඔතන අවුලක්. වෙන තැන් වලින් නම් දාන්න පුලුවන්. කමක් නැහැ. ඔයාට ඔතනින් සල්ලි ටික ඊෂි කෑෂ් කරන්න පුලුවන්ද කියා ඒම අවස්ථාවේ වෛද්‍යවරයා විමසා ඇත.

කෙසේ හෝ මොටර් රථය මිලදි ගැනිමේ චේතනාවෙන් සිටි නීතිඥවරයා මුදල් ඊෂි කෑෂ් කිරිමට ඒකඟ වි ඇත. ඒ් අනුව 077-3187178 යන දුරකථන අංකයට රුපියල් 10000 ක් ඊෂි කෑෂ් කර යැව්වේය. මුදල් ලැබුණු බව වෛද්‍යවරයා තහවුරු කළේය.

ඒම මුදල් යැවීමෙන් පැය කිහිපයකට පසු යළි නීතිඥවරයා ඔහුට දුරකථන ඇමතුමක් ලබා ගත්තද ඊට ප්‍රතිචාර ලැබුනේ නැත. දිගින් දිගටම ගත්තද වෛද්‍යවරයා දුරකථනයට සම්බන්ධ වුයේ නැත. මෙහිදි පළමුවරට නීතිඥවරයාට වෛද්‍යවරයා යැයි කියු පුද්ගලයා සම්බන්ධයෙන් සැකයක් උපනේය. ඔහු වහාම මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතාට දන්වා සිටියේය.

ඒ් අනුව පොලිස් විශේෂ කාර්යාංශය නවීන තාක්ෂණය ඔස්සේ මොහු සම්බන්ධයෙන් සෙවීය. ඒහිදි අනාවරණය වුයේ මොහු වෛද්‍යවරයෙකු නොවන බවත් කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවත්ය. කථා කරන ලද දුරකථන සිම්පත් ගම්පහ හා පොලොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකුගේ වන අතර මෙවැනි දුරකථන අංකයක්  ඔවුන්ගේ නමින් ලියාපදිංචි වී ඇත්දැයි පොලිසිය විමසන තෙක් ඔවුන් දැන සිටියේද නැත. ඒ් අනුව පොලිසියට පැහැදිලි වුයේ සොරකම් කරන ලද හැඳුනුම්පත් පිටපත් දෙකකට මෙම සිම්පත් මිලදි ගෙන ඇති බවය.

පොලිසිය ඉන් අනතුරුව මෙම දුරකථන අංක සම්බන්ධයෙන් පොලිසි වල පැමිණිලි ඇත්දැයි සොයා බැලිමේදි අනාවරණය වී ඇත්තේ අතුරුගිරිය, කලුබෝවිල,මිනුවන්ගොඩ පොලිසි වල පැමිණිලි තුනක් ඇති බවය.

ඒමෙන්ම මෙම ඩයලොග් දුරකථන අංකය මඟින් මාස ඒක හමාරක් තුල අවස්ථා 20 කදි රැපියල් ඒක් ලක්ෂ පනස් හයදහසක් ලබා ගෙන ඇති බවත් හෙලි වි ඇත. මෙම මුදල් ලබා ගෙන ඇත්තේ පස්යාල හා පොල්ගහවෙල කොමියුනිකේෂන් දෙකකින් හා කෑගල්ල, රඹුක්කන, පොල්ගහවෙල, මාවනැල්ල ATM යන්ත්‍ර තුලිනි.

පොලිස් විශේෂ කාර්යාංශය ඒ් අනුව ATM  යන්ත්‍ර හරහා සැකකරු මුදල් ගත් අවස්ථා වල CCTV දර්ශන ලබාගෙන ඇති නමුත් ඔහු මුඛ අවාරණයක් හා හිස් වැසුමක් පැලඳ සිටි නිසා හඳුනා ගැනීමට අපහසු වි ඇත. නමුත් ඔහුගේ පෙනුම සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබේ.

මේ අතර මේ වන විටත් සැකකරු මෙම වාහනය අලෙවි කිරිමට තවත් ගැණුම්රුවෙකු හා සම්බන්ධ වෙමින් තිබි ඇති අතර ඒකී ගැණුම්කරු විසින් රුපියල් 5000 ක් මොහුගේ ඩයලොග් අංකයට ඊෂි කර ඇති බව සොයා ගන්නා ලදි. මොහුගේ දුරකථනයට බැරවෙන මුදල් මොහු ඒදිනම ආපසු ගන්නා බව දන්නා හෙයින් පොලිසිය කෑගල්ල ප්‍රදේශයේ සියලුම ATM යන්ත්‍ර අසල අවේක්ෂණ රාජකාරියේ යොදවා ඇත.

ඒහිදි මුදල් බැර වී විනාඩි 50 කට පමණ පසුව ඒක් ATM යන්ත්‍රයක් වෙත සැකකරු යැයි සැක සිතිය හැකි පුද්ගලයෙකු පැමිණ මුදල් ගෙන ආපසු යන අවස්ථාවේ මඟ රැක සිටි පොලිසිය ඔහුගේ මුදල් ලබා ගැනිමේ ලදුපත පරික්ෂා කර ඇත. ඒ් ලදුපතේ සඳහන්ව ඇත්තේ පෙර සඳහන් ඩයලොග් දුරකථන අංකය බව තහවුරු වීමත් සමඟ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

දඹුල්ල, ගල්කිරියාගම පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වු ඔහු මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු නොවන බව හෙළි වුයේ ඒහිදිය. ඔහුගේ වැඩිමහල් සහෝදරිය විවාහ සිටිමට සිටින පෙම්වතා මෙම ජවාරමේ ප්‍රධාන සැකකරු විය. 33 හැවිරිදි ඔහු කෑගල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර කෑගල්ල පොලිසිය සමඟ ගොස් ඔහුව නිවසේදි අත්අඩංගුවට ගෙන ඇත. ඒහිදි ජංගම දුරකථන 07 ක්, සිම් කාඩ් 18 ක්, පරිගණකයක්, ඩොන්ගල් 02 ක්, මුදල් ලබා ගැනිමේ ලදුපත් රැසක් ආදි භාණ්ඩද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු කොළඹ විශ්ව විද්‍යාලයේ IT සම්බන්ධයෙන් ඩිප්ලෝමාවක් කර ඇති බවත් ඒය සම්පුර්ණ වීමට පෙර ඉන් ඉවත්ව පරිගණක අලුත්වැඩියාවේ යෙදි ඇති අයෙකු වන අතර පසුව මෙම ජාවාරමට යොමු වි ඇතැයි පොලිසිය පවසයි.

සමාජයේ බොහෝ වැදගත් යැයි රැකියා වල නිරත වන පුද්ගලයින් බොහෝ දෙනෙක් මෙලෙස වංචාවන්ට හසු වන නමුත් ඔවුන් ඒ් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරිමට මැලිකමක් දක්වන බවත් ඒය මෙවැනි ජාවාරම්කරුවන්ට හොඳ ආදායම් මාර්ගයක් සකසා දීමක් බවද පොලිස් විශේෂ කාර්යාංශය පවසා සිටියි.

ශානිකා මාධවී

Related posts