Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද සවස අභාවප්‍රාප්ත විය.

මාලබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයා වන හෙතම මියයන විට 89 වැනි වියේ පසුවිය.

ඒ මහතා හිටපු (එජාප)පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලයේ පානදුරේ මන්ත්‍රී ධුරය හෙඹවූයේ ප්‍රනාන්දු මහතාය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඉකුත් 2 වැනි දින කොළඹ අයි.ඩී.එච් රෝහලට ඔහු ඇතුළත් කර තිබූ අතර, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී හෙතෙම අද අභවප්‍රාප්ත වූයේය.

Related posts