මෙරට අංක එකේ සම්මානනීය ටයර් සන්නාමය ලෙස DSI Tyres පිදුම් ලබයි

ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම SLIM Brand Excellence 2020 සම්මාන උළෙලේදී Product Brand of the Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, Local Brand of The Year කාණ්ඩයේ ලෝකඩ සම්මානයද, SLIM DIGI’s 2.0 රිදී සම්මානයද ඇතුළු සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබමින් එෛතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කළේය.

වසර පහළොවකට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන SLIM Brand Excellence සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉහළම පිළිගැනීමක් සහිත, තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප්‍රදානෝත්සවය ලෙස සැලකෙයි.

BMICH හිදී පැවැති විචිත්‍රවත් සම්මාන උළෙලේදී සී/ස සැම්සන් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ රණතුංග රාජපක්ෂ මහතා සම්මානය ලබා ගත්තේය. DSI Tyres පසුගිය වසරේ SLIM Turnaround Brand of the Year රන් සම්මානයෙන්ද පිදුම් ලැබීය.

සාමාන්‍ය විකුණුම් ක්‍රියාවලිය අතික්‍රමණය කරමින් පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් අන්තර්ජාල ඇණවුම් ඔස්සේ ටයර් නිවෙසටම ගොස් සවි කිරීම සේම ආකර්ෂණීය ඩිජිටල් මාධ්‍ය භාවිතය නිසා අන්තර්ජාල වෙළෙඳපොළ තුළ DSI Tyres අතිශය ජනප්‍රිය වෙමින් පවතී.

ඔවුන්ගේ වැඩි දියුණු කළ www.dsityre.lk වෙබ් අඩවිය ඊට හොඳම නිදසුනකි.

Related posts