.lk වෙබ් අඩවි රැසකට පිවිසීමේ බාධා

.lk වෙබ් අඩවි රැසකට ද පිවිසීමේ බාධා මතුවී ඇති බවට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.

ඇතිවී තිබෙන තත්ත්වය මග හරවා ගැනීමට අවශ්‍ය කටයුතු ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදය සමග එක්ව මේ වන ක්‍රියාවට නංවා ඇති බවයි එම කොමිෂන් සභාව ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ.

මේ හේතුවෙන් යම් ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින අයවලුන්ට 0114216061 යන දුරකථන අංකයට හෝ NLC.LK වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීමට හැකි බවයි දන්වා සිටින්නේ.

Google.lk වෙබ් අඩවියට පිවිසුමේ යම් ගැටළුකාරී වාතාවරණයක් මතුවී ඇති බවට වාර්තා වනවා.

google.lk වෙබ් අඩවියට පිවිසීමට උත්සහ කිරීමේදී එය වෙනත් වෙබ් අඩවියක් වෙත අදාළ පරිශීලකයා රැගෙන යන අතර වතුකම්කරුවන් මුහුණ දී සිටින රුපියල් 1000 වැටුප් ගැටලුව සම්බන්ධයෙන් වූ පණිවිඩයක් අදාළ වෙබ් අඩවියේ දැක්වෙන බවයි බොහෝ පරිශීලකයින් පවසන්නේ.

Related posts